Posts

Showing posts from July 30, 2020
සුන්දරත්වය අසුන්දර කරන මානව ක්‍රියා …!!! භූ සංචාරිතය 20 This article has been published On Vidusara, 29.07.2020. භූ සංචාරිතය 20 කඳුකරයේ ලස්සන බලන්න නම් ඔබ යා යුත්තේ නුවරඑලියට නොව වලපනයටයි. වලපනය එතරම්ම අපුරු සුන්දර ප්‍රදේශයක්. එක් පැත්තකින් අහස සිඹින වලාකුළු අතගාන විසල් කඳු ශිකර. අනෙක් අතින් දුටුවිට බිය දැනෙන ගැඹුරු අගාධාමය   පටු නිම්නයන්. ඒ නිම්න වල භයානකකම පලවා හරින්නේ සුන්දර දසුන් මවනා හෙල්මළු වී වගාවයි. ගොයමේ ලා නිල්ල කන්ද කපා එන සුළං පහරින් සැලෙන්නේ අමුතුම රටවකටයි. කෙමෙන් පැසි රන්වන් වන වී කරල් ගැඹුරු නිම්නයට ගෙන එන අලංකාරය කියා නිම කල නොහැකියි. ඔබ වරක් හෝ මේ ප්‍රදේශයට ගොස් ඇත්නම් නැවත වරක් යන්නට සිතෙනවා නොඅනුමානයි. වලපනයේ සුන්දරත්වය අකාමකා දමන්නේ තැනින් තැන පවතින අස්ථාවර වූ පාංශු දේහයන් වන අතර පසුගිය කාලයේ සිදු වූ ක්ෂණික නාය ආපදා නිසා බොහෝ දෙනා අපහසුතාවයට පත් වූ බව සැබවි. විශේෂයෙන්ම මාගේ අවධානය වැඩිපුරම මේ ප්‍රදේශයට යොමුවන්නේ මෙම නාය ආපදා නිසාමය. ජයිකා ආධාර මත ප්‍රතිස්තායිකරණයට ලක් වූ   උඩමාදුර    නාය ගිය භුමියේ වැඩකටයුතු සම්බන්ධීකරණය වූයේ මාගේ අනුදැනුම යටතේ යි. එනිසා බොහ