Posts

Showing posts from December 12, 2019
එදිනෙදා ජිවිතයට භූ විද්‍යාව කපන, කැපෙන දියමන්ති The article was originally published in Divaina on 11.12.2019. වීදුරු කපන්නේ දියමන්ති වලින්. ඒ විතරක් නොවෙයි දියමන්ති කපන්නේත් දියමන්ති වලින්මයි. දියමන්ති ලෝකේ ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ මැණික් වර්ගයක් ලෙස. ලංකාවේ නම් දියමන්ති ලැබෙන්නේ නැහැ. හැබෑටම කොහෙන්ද දියමන්ති හම්බවෙන්නේ? හැබැයි ඊට කලින් අපි දැනගත්තොත් හොඳයි දියමන්ති වල ඛණිජ සහ භූ විද්‍යත්මක පසුබිම මොකක්ද කියලා. දියමන්ති වල රසායනය සකස්වෙන්නේ කාබන් වලින්. තනිකරම කාබන් වලින් තැනුණු දියමන්ති තමයි ලෝකේ දැඩියාවෙන් වැඩිම ඛණිජය වෙන්නේ. අගය වෙන්නේ දහය. දැඩියාව වැඩිම ද්‍රව්‍යය නිසා ඒකෙන් අනෙකුත් ඛණිජ වර්ග හැම එකක්ම වගේ කපන්න භාවිතා කරන්න පුළුවන්. දැඩියාව වැඩිම නිසා තමයි මැණික් වර්ගයක් ලෙසත් දියමන්ති වැදගත් වෙන්නේ. දැඩියාව වැඩි ද්‍රව්‍යය පහසුවෙන් සීරීමට ලක්වෙන්නේ නැහැ. ඒ නිසා දිගු කාලයක් එහි මතුපිට දීප්තිය පවත්වා ගන්නට පුළුවන්. ත්‍රිමාණියව සකස්වුණ කාබන් දැලිස නිසා තමයි එවැනි දැඩියාවකින් යුක්ත වූ දියමන්ති ස්ඵටික බිහිවෙන්නේ.  දියමන්ති බොහොමයක් පැහැයෙන් වීදුරු වගේ. පැහැයෙන් ග