Posts

Showing posts from February 4, 2017
බුදු දහම, බුද්ධිමතුන් සහ විද්‍යාඥයින්.......................!! බුදු දහම බුද්ධිමතුන්ගේ දහමයි යැයි කියන්නේ එහි මැවුම් වාදයක් හෝ නිර්මාණවාදයක් හෝ නොමැති නිසා පමණක් නොව තාර්කික පදනමක් මත ගොඩ නැගුන දහමක් නිසා යැයි මට සිතේ. කිසිවෙකු ඒ තුල බලෙන් රඳවා ගැනීමක් සිදු නොකරන අතර බලෙන් යමෙක් බඳවා ගන්නේද නැත. යම් කිසිවෙකුට ඒ තුලින් මතුවන ජිවිතයේ සත්‍ය ග්‍රහණය කරගැනීමට අවැසි නම් තමාගේම අධ්‍යනය තුලින්ම එය වටහා ගැනීමට ඉඩ ප්‍රස්තාව මෙතුල ඇත. ඒ සදහා වෙනකෙකුගේ නිර්දේශ අවැසි වන්නේ නැත. බුදු දහමේ සියල්ල ඔබට ප්‍රශ්න කල හැක. වැටහෙන තුරු තර්ක කල හැක. ඒ තුල ඇති විශිෂ්ඨබාවය නම් වෙනත් කිසිම ආගමක් පහත හෙලන්නේද, බුදු දහම තුල රැඳෙන්නට කිසිම ජාතියක් හෝ කුලයක් මතබේදාත්මක වන්නේ ද නැත. ලෝකයේ වෙසෙන සියලු ජිවින්ට විවෘත වූ ද සදාකාලික සහනය ගෙන එන බව ද බුද්ධිමතුන්ගේ මතයයි.   බුදුදහම පාදක කොට බිහිවන සංස්කෘතීන් තුල සැමට සමතැන දෙයි. බුදු දහම තුලින් මුවහත් වූ සමාජයක ගැටලු අවම වන්නේනමය. පංච ශීලයේ ශික්ෂාව තුල දැමුණු කයක් මෙන්ම නිවුන මනසක් ද හිමි වන බව වර්තමානයේ වුව යම් යම් සමාජ සිදුවීම් වලින් පැහැදිළි වේ. සියලු දෙ
විදු පත් ඉරුව 20 15  අගෝස්‌තු 26 බදාදා න්‍යෂ්ටික බලාගාරවල විදුලි උත්පාදනය සඳහා යොදාගන්නේ විකිරණශීලී මුලද්‍රව්‍ය. විකිරණශීලී මූලද්‍රව්‍ය විකිරණ පිට කරමින් වෙනත් මූලද්‍රව්‍ය බවට පත් වන අතර ඒවා "දාරක මූලද්‍රව්‍ය" ලෙස හදුන්වනවා. මේ විකිරණ ඇල්ෆා සහ බීටා වැනි විවිධාකාරයේ අධි ශක්‌ති කිරණ වන අතර, ගැටීම ඒ සතු තාපය තවත් ද්‍රව්‍යයකට මාරු කිරීමට හේතු වනවා. මෙලෙස විකිරණ පිට කිරීමේ දී ඇති වන තාප ශක්‌තිය මගින් ජලය උණු කර, ඇති වන ජලවාෂ්පයෙන් ටර්බයින ක්‍රියාත්මක කිරීමෙන් තමයි විදුලිය ජනනය කරනු ලබන්නේ. ජපානයේ විදුලි අවශ්‍යතාවෙන් 30%ක්‌ පමණ ම සපුරාගත්තේ මේ ආකාරයටයි. ජපානයේ විදුලි උත්පාදනය සඳහා බහුලව භාවිත වන්නේ ප්ලූටෝනියම් සහ යුරේනියම් නම් වූ විකිරණශීලී මූලද්‍රව්‍යවල මිශ්‍රණයක්‌. පෘථිවියේ පවත්නා මූලද්‍රව්‍ය අතර විවිධ වූ විකිරණශීලී මූලද්‍රව්‍ය ඒ ඒ මූලද්‍රව්‍යයේ සමස්‌ථානික වනවා. ඒවා බොහෝ විට අපට ස්‌වාභාවික පරිසරයේ හමු වන්නේ ඛනිජ ලෙසයි. ඒ අතර මා මතකයට නැෙගන්නේ එක්‌ සුවිශේෂී විකිරණශීලී මූලද්‍රව්‍යයක්‌ අඩංගු වන ඛනිජයක්‌. ඒ "තෝරියනයිට්‌" නම් වූ පළමුව ලෝකය