Posts

Showing posts from January 20, 2020
ඔබගේ අංගාර පා සටහන ඔබත් පරිසරයට ආදරය කරන්නෙක් ද ? එහෙනං ඔබ මේ ගැන දැනුවත්ද ? අංගාර පා සටහන (carbon foot print)   යනු අපගේ ක්‍රියාකාරකම් නිසා කොපමණ ප්‍රමාණයක් කාබන්ඩයොක්සයිඩ් වායුගෝලයට මුදාහරින්නේ ද යන්න පිලිබඳ මිනුමකි. උදාහරණයක් ලෙස ගතහොත් දර කිලෝ එකක් දැවිමේදී කොපමණ ප්‍රමාණයක් කාබන් ඩයොක්සයිඩ් ප්‍රමණයක් පිටවන්නේ ද යන්නයි. එමගින් අප විසින් පිටකරන හරිතාගාර ආචරණය ඇති කරන ප්‍රධාන වායුව වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත හැකි වේ. එමගින් පාරිසරික අවබලපෑම් අවම කර ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග මොනවා ද යන්න පිළිබඳව තීන්දු තීරණ ලබා ගැනීමට අපට හැකි වේ. හරිතාගාර ආචරණය නිසා මේ වන විට කාලගුණික විපරියාසයන් මෙන්ම මුහුදු මට්ටම වැඩිවීම, එනිසා දුපත් යටවීම, ග්ලැසියර දියවීම, ජෛව විවිධත්වයට තර්ජන   ඇතිවීම මගින් ජීවන් වඳ වී යාම වැනි තත්වයන් මේ වන විට ලෝකයේ නිර්මාණය වී ඇත. මෙහෙදී වැඩ වැදගත් වන්නේ ඒක පුද්ගල අංගාර පා සටහන අවම කර ගැනීමයි. එමගින් සමස්ථ ලෝකයෙන්ම මුදා හරින කාබන්ඩයොක්සයිඩ් ප්‍රමණය අවම කර ගැනීමට පිටිවහලක් වේ. මෙම හරිතාගාර වායුන් මුදා හැරීමට ප්‍රධන හේතුව වී ඇත්තේ පොසිල් ඉන්