Posts

Showing posts from September 3, 2020
කල්පිටිය වාලුකා නිධියේ විකසනය ...!!! භූ සංචාරිතය 2 5 This artcile is originally published on Vidusara 02.09.2020. කල්පිටිය ඉතාම සුන්දර සංචාරක නාවතැනක්. එපමණක් නොවේ එය අපට හමුවන ඉතාම කදිම අනවහිරත ජල නිධියක්. සමුද්‍රාසන්නයේ හමුවන දුලභ සුපිරිසිදු භූ ගත ජල නිධියක් ශ්‍රී ලංකාවේ හමුවන්නේ නම් ඒ කල්පිටියයි. වර්ෂා ජලයෙන් ප්‍රතිපෝෂණය වන මේ අපූරු අනවහිරත ජල නිධිය මේ වන විට අපරික්ෂාකාරී නවීන බටහිර කෘෂිකර්මය ක්‍රමයෙන් ගිල ගන්නා බව නම් අමතක නොකළ යුතුය. නා නා ප්‍රකාර රසායනිකයන් ජල නිධියට එකතුවන්නට අරන් දශක පහක පමණ කාලයක් ගත වී ඇත. අර්ධ ශතකයක කාලයක් තුල ජල   නිධියේ ගුණාගුණ අති ප්‍රභල ලෙස වෙනස් කරන්නට හේතු වී ඇති බව පසුගිය කාල වකවානුවේ මා සිදු කරන ලද පර්යේෂණ වලින් තහවුරු වී ඇත. ජලයේ තිබිය යුතු නයිට්‍රේට ප්‍රමාණය වන්නේ ලීටරයකට මිලිග්‍රෑම් 10 ක් පමණ වනමුත් මේ වන විට ඒ සීමාව දශගුණයකින් පමණ ඉක්මවා ඇති බව තහවුරු වී ඇත. මේ සඳහා ප්‍රධාන හේතුව වන්නේ හිතු මනාපේ යූරියා පොහොර භාවිතයයි. සීමාව ඉක්මවා යන ආකාරයේ භාවිතයක් ඇති බව මා කල සමීක්ෂණ වලින් තහවුරු වුණි. මෙම තත්වය ඇති වන්නට ප්‍රධාන කොටම හේතුවන්නේ මේ ජල