Posts

Showing posts from April 18, 2021
සිංහල වාරි සංස්කෘතිය   භූ සංචාරිතය 47 This article is originally published on Vidusara සිංහලයෝ වැව් තැනුවෝ වෙති. විජයගෙන් ඇරඹි ඒ සිංහල රාජවංශයේ බොහෝ රජවරු ඒ සඳහා ඉතා කදිම දායකත්වයක් දක්වා ඇත. මහා වංශය පවසන අන්දමට අභය වැවෙන් ඇරඹි වාරි සංස්කෘතිය සිංහල සංස්කෘතියේ මුල් තැනක් ගත්තෙකි. වන්නියේ වියළි කාලගුණික තත්වය හමුවේ ද තැනිතලා භූ විෂමතාවය ද ඒ සඳහා කදිම සහයෝගයක් ලබා දෙන්නට ඇත. වියලි පරිසරය සැමවිටම බලකර සිටින්නේ ජල සංරක්ෂණයේ යෙදෙන ලෙසයි. ඉන් ලද ගැම්ම විසල් වැව් තනන්නට සිංහලයා පොළඹවන්නට ඇත. මහාවංශය සිංහලයා සතු අපූරු ශ්‍රේෂ්ඨ ග්‍රන්ථයක් බව පැවසිය යුතුමය. වසර දහසකට අධික අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් සඳහන් කර ඇත්නං ඒ මහාවංශයේ ය. සමහර විද්වතුන් මෙය ප්‍රශ්න කරයි. පිළිගත නොහැකි බව පවසයි. එනමුත් මහාවංශය සිංහල ඉතිහාසය ගැන කදිම තොරතුරු රාශියක් අප හමුවේ තබයි. කියන්නා කෙසේ කිව්වත් අහන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි යනුවෙන් සිංහල කියමනක් ඇත. එනිසා සෑම දෙයක් ගැනම යම් කිසි තාර්කික පදනමක් මත පිහිටුවා අධ්‍යනය කිරීම හොඳය. වාරි සංස්කෘතිය ඇරඹියේ විජයගෙන් පසුද යන්න මා හමුවේ ඇති ගැටලුවයි. භූ පරිසරයේ මුණ ගැහෙන මේ අ