Posts

Showing posts from June 29, 2017
විදුපත් ඉරුව 2017 ජුනි 28 බදාදා මිත්‍යාව පැතිරෙන්නට වැඩි කාලයක් ගතවන්නේ නැත. තටු ලද මිත්‍යාව රසකර බෙදන්නට මෙරට ජනමාධ්‍ය එකිනෙකා පොරකන්නේ වෙනත් තොරතුරු නැතිවාක් මෙනි. රාවණා ද අංගම් පොරද ඇතුළුව අතීත දියුණු තාක්ෂණයක් ගැන පුන පුනා දොඩන්නේ කොතරම් දුරට ඒ බවට සාක්ෂ්‍ය ඇතිවද යන්න විමසා බැලිය යුතුය. මේ සටහන රාවණා කථා කේන්ද්‍ර කර නොගත්තද මෙරට පැතිරෙන යම් මිත්‍යා මත කිහිපයක් ද මෙහිදී විමසා බලයි.     වියැකෙමින් යන මධ්‍ය කඳුකරයේ ශේෂයන් මාතලෙන් ඔබ්බට වූ   උතුරු දිසාවෙන් බොහෝ තැන්හි හමුවෙන්නේ අපූරු භූ විෂමතාවන් නිර්මාණය කරමිනි. අත්‍යන්ත ජිරණයේ සහ ඛාදනයේ ප්‍රතිපලයක් ලෙස බිමට සමතලා කරන්නට දරන වැර වෑයමෙන් මිදී බොහෝ අසීරුවෙන් නැගී සිටිනා හුදකලා කන්දකි සිගිරිය. අපූරු පුරාවිද්‍යාත්මක වටිනාකමක් මෙරටට එක්කල අනභිබවනීය මේ හුදකලා කන්දේ ඉදිවූ මානව ඉතිහාසයේ සන්ධිස්ථානය තවමත් නිසි පරිදි විමර්ශනයට කලක් නොවීම කණගාටුවට හේතුවක් පමණක් නොව අහුමුලු වලිගකොට අල්ලා ලබා දෙනා නිගමන පුස්සක්ම වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. අයෙකුට මේ ස්ථානය රාවනා ගේ ගුවන් තොටුපලය. ඔවුන් කියනා පරිදි දඬුමොනරය මෙහි නවත්වා ගුවන් ගත