Posts

Showing posts from June 26, 2018
ශ්‍රී ලාංකේය ප්‍රාග් කාලගුණික තත්වය. බුන්දල සහ පතිරාජවෙලඵෛතිහාසික   වශයෙන් මෙන්ම භූ විද්‍යාත්මකවද වැදගත්මක් ඇත්තාවූ ස්ථාන දෙකකි. ශ්‍රී ලංකික මානව වංශ කතාවේ දැනට පැරණිම සාධක හමු වි ඇත්තේ මෙම පතිරාජවෙල සිදු කෙරුණ කැණිමකිනි.   වසර එක්ලක්ෂ විසිපන්දහසක් (125000)   පමණ පැරණි ගල් ආයුධ මෙම ස්ථානයෙන් හමු වි ඇත. භූ රුපණය සැලකීමේදී මෙම ස්ථානය වර්තමාන මුහුදු මට්ටමේ සිට මීටර 15ක් පමණ උසකින් පිහිටා ඇති අතර, කැණීමට අනුව මෙම ගල් ආයුධ ලැබෙන්නේ ගංගා ගැලීමෙන් ඇති වූ අවසාදිත තැන්පතුවකයි. එසේ නම් මෙම ගංගා තැන්පතුව වර්තමාන මුහුදු මට්ටමට වඩා ඉහලින් පිහිටන්නේ කෙසේද යන්න පැරණි මුහුදු මට්ටම් උච්චාවචනය සහ සබැඳේ. පෙබලු සහ බොරළු වලින් සමන්විත මෙම තැන්පතුව භූ විද්‍යාත්මක විශ්ලේෂණ වලට අනුව පෙනී යන්නේ ගංගාවක මධ්‍යම අවදියේ තැන්පතුවක් බවයි. එසේ නම් ගංගාවේ වෘධ අවදිය පිහිටන්නේ තව බොහෝ පහලිනි. මෙමගින් පැහැදිලිවන්නේ මෙම තැන්පතුව නිර්මාණය වන්නේ මුහුදු මට්ටම පහළ ගිය කාලයක බවයි. එම කාලය බොහෝ විට ලොව පැවති අවසාන අයිස් යුගය විය යුතුය. මානව වංශ කතාව ආරම්භවන්නේ අදින් වසර මිලියන් දෙකකට පමණ පෙරය. එම කාලය භූ විද්යත්මකව හඳුන්ව
විදු පත් ඉරුව 2018.09.30 සේයා දැරිය ගේ වියෝව මෙරට සැම ගේ හද කම්පා කරවන්නක්‌ වූ බව නිසැක ය. එමෙන් ම ඝාතකයා අත්අඩංගුවට ගැනීමට හැකි වීමත් සමග ම එක්‌තරා ආකාරයකට සාධාරණය ඉටු වූවා ය යන හැඟීමක්‌ බොහෝ දෙනකුට ඇති විය. එහෙත් එයින් සියල්ල සම්පූර්ණ විණි ද යන්න විමසා බැලිය යුතු ය. මවුපියනට ඇසක්‌ බඳු තම දියණිය අහිමි වෙද්දී තවත් අයකු දඟ ගෙට නියම වීමෙන් වත්මන් සමාජයේ ඇති වෙමින් පවත්නා සංස්‌කෘතික සෝදාපාළුව මකාලිය හැකි ද යන්න ද ගැඹුරින් විමර්ශනය කළ යුත්තකි. මේ අතර මේ සිදුවීම හා බැඳුණු පශ්චාත් සිද්ධි දාමයේ දී තවත් දරුවකු ගේ අනාගතය අඳුරු කරලීමට තරම් කාරණා සිදු වීම ගැන ද රට ම කතා කරයි. විද්‍යාත්මක සාක්‌ෂි එනතුරු ඉවසා සිටීමට නොහැකි වීම සහ සැකකරුවකු වරදකරුවකු ලෙස ඉස්‌මතු වන තරමට මාධ්‍ය තුළ හංවඩු ගැසීම යන කාරණා සියුම්ව විමසා බැලීමේ දී සමහර විටෙක මේ සිදුවීම තුළ තවත් අනාගත අපරාධකරුවකු ගේ අංකුරයක්‌ නිර්මාණය වන්නට ද බැරි නැත. මෙතුළින් ඉස්‌මතු වූ වැදගත් කරුණක්‌ වන්නේ කිසියම් සැකකරුවකු සාක්‌ෂි විමසා වරදකරුවකු ලෙස නිශ්චය කරන තුරු එම තැනැත්තා නිවැරැදිකරුවකු ලෙස සැලකීමේ වැදගත්කම සහ අවශ්‍ය