Posts

Showing posts from July 17, 2019
විදුපත්ඉරුව 05.10.2016 "ශ්‍රී ලංකාව බොහොමයක්‌ ඛනිජ අපනයනය කරන්නේ අමුද්‍රව්‍ය හැටියට මිස ඒවායේ නිෂ්පාදන ලෙස නො වේ. ඒ නිසා ශ්‍රී ලංකාවට ලැබෙන්නේ අමුද්‍රව්‍ය වටිනාකමට වඩා වැඩි දෙයක්‌ නො වේ. විශේෂයෙන් ම තිරුවානා, ෆෙල්ඩ්ස්‌පාර්, ඉල්මනයිට්‌, රූටයිල් වැනි ඛනිජවලට අදාළ නියම මිල මෙරට ලබා ගන්නේ නැති බවයි මා ගේ අදහස" යනුවෙන් පසුගිය වතාවක මෙරටට පැමිණි මා ගේ ඕස්‌ටේ්‍රලියානු පර්යේෂණ සගයා කියා සිටි බව නැවත මතකයට නැගුණේ එක්‌තරා පුද්ගලයකු මා ගෙන් ෆෙල්ඩ්ස්‌පාර් නිධි පිළිබඳව විමසීම් කරන විටයි. ශ්‍රී ලංකාව ඛනිජවලින් පොහොසත් රටක්‌ බව අමුතුවෙන් ඔබට මතක්‌ කළ යුතු නැහැ. එනිසා ම ලෝකයේ විවධ රටවල අවධානය අප රට වෙත යොමු වී ඇති බව ඉතා හොඳින් පැහැදිලියි. වර්ග කිලෝමීටර 65625ක්‌ වන මේ කුඩා දිවයින නිර්මාණය වී ඇත්තේ විවිධාකාරයේ පාෂාණවලින් වන අතර ඒවා බොහොමයක්‌ විපරීත පාෂාණ. මෙරට වපසරියෙන් 20%කට අඩු ප්‍රමාණයක්‌ නිර්මාණය වන්නේ අවසාදිත පාෂාණවලින්. මේ පාෂාණ සියල්ල නිර්මාණය වන්නේ ඛනිජවලින් වන අතර ඛනිජ යනු රසායනික සංයෝග. එහෙත් ඛනිජ නො වන රසායනික ඇති අතර එම රසායනික සංයෝගවලින් මේ ඛන