Posts

Showing posts from August 8, 2021
  08.08.2021 විශ්ව භූවේදය උල්කා වර්ෂා උල්කා යනු යමෙකුට ආකාශ පාෂාණ ලෙස වුව හැඳින්විය හැක. සෑම දිනකම උල්කා පතනය වේ. මේ වන විට විද්‍යාඥයින් ගණනය කර ඇති ආකාරයට දිනක දී ටොන් පනහකට (48.5) ආසන්න ප්‍රමාණයක් මෙලොවට පතිත වෙයි. එක දෙක පතිත වෙනවා මෙන්ම වර්ෂාවක් ලෙස බොහෝ ප්‍රමාණයක් වුව පතිත වන අවස්ථා ඇත. එලෙස පතිත වීම් අපටවරින් වර වාර්තා වේ. අපගේ වායුගෝලය හරහා ගමන් කරන විට ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කරමින් බොහොමයක් උල්කා ගිනි ගෙන දැවී විනාශ වී යයි. එනිසා අතරමගදීම තම ගමන නිම කරමින් උල්කා විනාශ වී යයි. උල්කා වර්ෂා ඇතිවන්නේ බොහෝ විට උල්කා විසිරුණු කලාපයක් හරහා පෘතුවිය ගමන් කරන විටයි. මේවා වල්ගා තරු තම ගමනේදී අත්හරිනු ලැබූ පාෂාණ කැබලි වන අතර බොහෝ විට සාම වසරකම අගෝස්තු මාසයේදී අපට උල්කා වර්ෂාවක් දැක ගැනීමේ වාසනාව හිමි වේ. උල්කා වර්ෂා මගින් ඇතිකරන බලපෑම කවර ආකාරයේද යන්න මේ වනවිට විද්‍යඥයින් විසින් පර්යේෂණය තුලින් විශ්ලේෂණය කරනා බව වාර්තා වේ. පෘථිවිය තම ගමන් මග මෙන්ම ඒ නිසා ඇති විය හැකි කාලගුණික සහ දේශගුණික බලපෑම ද එනිසාම මෙළොව වෙසෙන ජිවින්ට ඇති විය හැකි බලපෑම ද මේ තුලින්   නිර්ණය කිරීම ඔවුන්ග