Posts

Showing posts from March 23, 2018
විදු පත් ඉරුව 20 15  අප්‍රියෙල් 08  බදාදා "මගේ ෆොaන් එක හදන්න බෑ කිව්වා. දැන් ඉතින් අලුත් එකක්‌ ගන්න වෙනවා" මගේ මිත්‍රයෙක්‌ ගිය සතියේ කියාපු දේ නිසා එකවර ම මට සිතුනේ පරණ ෆොaන් එක කසළ ගොඩට නේ ද කියලා. මේ විදියට දිනකට ලංකාවේ කොපමණ දුරකථන ඉවත ලනවා ඇත් ද..? මගේ යාළු නම් කැඩුණු නිසයි අලුත් එකක්‌ ගන්නේ. එහෙම නැති ව කී දෙනෙක්‌ නම් නව පන්නයේ දුරකථනවලට මාරු වෙනවා ඇත් ද..? පත්තරේ බැලුවොත්, අන්තර්ජාලයේ හෙව්වොත් දිනෙන් දින නව මාදිලියේ දුරකථන කොපමණ නම් වෙළෙඳපොළට එනව ද කියලා අමුතුවෙන් විස්‌තර කරන්න ඕනේ නැහැ නේ. මෙවැනි නව පන්නයේ දුරකථන පාවිච්චි කරන්න අපි හැමෝ ම කැමතියි. හැබැයි කවුරු හරි හිතලා බැලුව ද පරණ දුරකථනයට මොකද කරන්නේ කියලා. මතක්‌ කරලා බැලුවොත් ගෙදර කොහේ හරි දාලා තිබිලා ටික දවසක්‌ යනකොට අස්‌පස්‌ කරන වෙලාවට එහෙම ම කුණු බක්‌කියට දාන එක තමයි කරන්නේ. ඊට පස්‌සේ මේ කුණු නගර සභාවෙන් අරන් යනවා. එහෙම බැලුවොත් නම් ඔන්න අපේ ප්‍රශ්නේ ඉවරයි. ඒත් මේ ගෙනියන දේ නිසි පරිදි බැහැර කළේ නැත්නම් ඔන්න ලොකු ප්‍රශ්නයක්‌ ඇති වෙනවා. ඔයාලා සමහර අය දන්නවා ඇති මේ දුරකථන හදල තියෙන්න මොනවය