Posts

Showing posts from March 13, 2020
  මිනිස්‌සුන්ට පිස්‌සු සාදන ඊයම් ලෝහය This article is originally published on Divaina, 11.03.2020. රෝ මය ගිනි ගනිද්දී නීරෝ වීනා වාදනය කරමින් සිටි බව ලෝක ඉතිහාසයේ සඳහන් වන ඉතා ප්‍රසිද්ධ කතාවකි. මෙතරම් ආපදාවක්‌ වෙද්දී ඔහු සතුටු වන්නේ කෙලෙසද යන්න ගැටලුවක්‌ නොවේද? ඔහු සිහි බුද්ධියෙන් සිටියා විය නොහැක. යම්කිසි මානසික ව්‍යාකුලතාවක්‌ තිබුණා විය හැක. රෝම ඉතිහාසයේ භූ සම්පත් භාවිතය සලකා බැලීමේදී මේ හා සැසඳෙන අපූරු ඛනිජයක්‌ ගැන සඳහන් වන බව අපට පෙනී යයි. ඒ වෙන කිසිවක්‌ නොව අධික ලෙස ඊයම් ලෝහය භාවිත කිරීමයි. රෝමානුවන් ඊයම් ලෝහය භාවිත කරන ලද්දේ ජලාපවහන කටයුතු සඳහා වන අතර ඊයම් වලින් සාදන ලද -ඊයම් සීනි, වයින් රස ගන්වන්නට භාවිත කළ බව සඳහන් වේ. ඊයම් යනු විවිධ ඇනායන හා සම්බන්ධ වූ සංයෝගයක්‌ ලෙස සොබාවික පරිසරයේ මුණගැහෙන ඛනිජයකි. ගැලීනා (galeena) ලෙස හඳුන්වන්නේ ඊයම් සල්µයිඩයයි. ඊයම් සල්ෆෙටය ද ඊයම් කබෝනේටය ද සොබාවික පරිසරයේ දක්‌නට ලැබෙන අතර ඊයම් උකහා ගැනීම සඳහා වැඩිපුරම ලොව භාවිත කරන ඊයම් ඛනිජය වන්නේ ගැලීනා ඛනිජයයි.    ඊයම් යනු බැර ලෝහ ගණයට වැටෙන ලෝහයකි. බැර ලෝහ සොබාවික පරිසරයේ දක්‌නට ලැබුණ ද ශරීරගත වීම ස