Posts

Showing posts from May 10, 2017
විදුපත් ඉරුව 2017 මැයි 10 බදාදා පරිසරය නිරතුරුව වෙනස් වෙයි. සතුන් ද ගහකොළ ද පරිණාමය ට ලක් වෙයි. මිනිසා ද පරිණාමයට ලක් වෙයි. එනිසා සමාජ සංස්කෘතීන් ද පරිණාමයට ලක් වෙයි. එම පරිණාමය මෙකල්හි “විපරිණාමයක්” නොවන්නේ යැයි කාට කිව හැකිදැයි අපි නොදනිමු. සංස්කෘතීන් ගේ පරිණාමය විපරිණාමයක් වූ කල්හි මිනිස් සංහතියේ විනාශය සනිටුහන් කරන බව අමතක නොකළ යුතුය. පවතින පරිසරයට එරෙහිව යන කල යම් සංස්කෘතියක් වැඩිකල් නොපවතින බව සමාජ මතයයි. එනිසා මුල්බැසගත් සමාජ නිර්මාණ යම් සමාජයක් ස්ථාපනය කරන්නත් එය මෙලොවින් තුරන් කරන්නත් සමත් වෙයි. ආගමක් අවැසි වන්නේ සමාජය හික්මවන්නට බව පැවැසේ. සෑම ආගමක්ම එසේ නොමැති බව යැයි ඔබ තර්ක කරන්නට පුළුවන. ඒ කෙසේ වූවත් “හික්මවීම” යන්න පවා බොහෝ සාපේක්ෂ බව පැවසිය යුතුය. පවතින සමාජය තුල හෝ බිහිවන නව සන්දර්භයන් හමුවේ විවිධ අරමුණු සමාජගත වන්නේ විවිධ ආකල්ප හරහා බව පෙනී යයි. බෞද්ධාගම ආගමක් ලෙස වැළඳ ගත් අපේ පැරණි මිනිසුන් එය පාදක කරගෙන අපූරු සංස්කෘතියක් බිහි කර ඇත්තේය. සාමය ද අහිංසාව ද ප්‍රමුඛ කර ගත් ඒ සමාජය බුද්ධ කරුණාව ද අනුකම්පාව ද තම මාවත එළිය කරනා පහන් ටැඹ කර ගත් බව අතීතය ද