Posts

Showing posts from July 2, 2020
ගෙඩි ඉල්ලම්  ඇතිවන්නේ කොහොමද ? භූ සංචාරිතය 16 The article is originally published on Vidusara, 01.07.2020. අපේ රටේ මිණිපුරය රත්නපුරයයි. රත්නපුර බේසමේ තැන්පත් වූ ආදී කාලික මිනිකැට පොළොවේ ගැඹුරට විද විද ලබා ගන්නෝ   මැණික් පතල් කරුවෝය. මිනිකැට බරය. තදය. වර්ණවත්ය , නැතහොත් අනෙකුත්   බොරළු පෙබලු වලින් සපුරා වෙනස්ය. ඇස හුරුවූවන්ට මිනිකැටයක් හඳුනාගැනීම කජු කනවා වගේය . මෙතරම් අපූරුවට දිස්නේ දෙන ගල්කැට බිහිවන්නේ කෙසේද යන්න බොහෝ දෙනෙකු විමසන ප්රශ්නයකි.   මේ පිළිබඳව අප භූ සන්චාරිතයෙන් අද අප   කතා කරමු. අපගේ ගමනාන්තය මිනිපුරයට ආසන්න   ඇහැලියගොඩටයි. ඇහැලියගොඩ ප්රසිද්ධ වන්නේ සුවිශේෂී මැණික්   පතල් වර්ගයකටයි.   ලංකාවේ අනෙකුත් ස්ථානවල ද නැතුව නොවෙයි. නමුත් ඉතා ගැඹුරේ අපට හමුවන මෙම පතල්   හඳුන්වන්නේ "ගෙඩි පතල් " ලෙසයි. "ඕන්න පුතේ ගෙඩියක් හෙම මතු වුනොතින් පරම්පරා ගණනාවකට මදැයි" පළිගු සීයා කිවේ බුලත් කහට බැඳුනු තම දත් වහල්ල විලිස්සමින්. පලිඟු සීයා මැණික් පතල් කර්මාන්තය ගැන බොහෝ අත්දැකීම් ඇති දැනට විශ්රාම සුවයෙන් කාලය ගත කරන ගැමියෙකි. ඔහුගේ දවසේ කාරිය දවස් තිස්සෙම බුලත් විට