Posts

Showing posts from March 25, 2017
විදු පත් ඉරුව 20 15  මැයි 13 බදාදා නේපාලයට පසුගිය අප්‍රේල් 25 වැනි දින අඳුරු දිනයක්‌ වුණා. ඒ රික්‌ටර් පරිමාණයේ ඒකක 7.8ක්‌ පමණ ප්‍රබල වූ භූ කම්පනයකට ලක්‌ වීමෙන් ඇති වූ ව්‍යසනයයි. අට දහසක්‌ පමණ වූ මිනිස්‌ ජීවිත මෙයින් අහිමි වූ අතර එමෙන් දෙගුණයක්‌ පමණ වූ මිනිසුන් සංඛ්‍යාවක්‌ ආබාධිත තත්ත්වයට පත් වෙලා තියෙනවා. මෙය 1934ට පසු නේපාලයේ ඇති වූ දරුණු ම භූ කම්පනයයි. ඉන්දියානු භූ තලය සහ යුරේසියානු භූ තලය එක්‌ වන මායිමේ නේපාලය පිහිටා ඇති අතර එනිසා ම ඒ ආසන්නයේ නිරන්තරයෙන් සිදු වන භූ කම්පනවලට ගොදුරු විමට වැඩි නැඹුරුතාවයක්‌ තියෙනවා. සති තුනකට පමණ පෙර සිදු වූ මේ භූ කම්පනය තත්පර විස්‌සක්‌ පමණ කාලයක්‌ රඳා පැවැති අතර නේපාලයේ ලූර්ම්ජන්ග් නම් වූ ස්‌ථානයට කිලෝමීටර 15ක්‌ පමණ වහා ම පහළින් වූ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ තමයි එය හටගෙන තියෙන්නේ. මේ හේතුවෙන් ඉන්දියාවේ ද, බංගලාදේශයේ ද, භුතානයේ ද, චිනයේ ද සමහර ස්‌ථානවලට භූ කම්පනය දැනී ඇති අතර ඒ හේතුවෙන් තුවාල ලත් පුද්ගලයන් ද වාර්තා වුණා. ඒ වාගේ ම ප්‍රබලතාව අවම වශයෙන් රික්‌ටර් 4.5 ක්‌ පමණ වූ තිස්‌ පහකට වැඩි පසු කම්පන ප්‍රමාණයක්‌ ද මේ ප්‍රදේශයේ සිදු
විදු පත් ඉරුව 20 15  මැයි 20 බදාදා මා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ඉගෙනුම ලබන කාලයේ බොහෝ ක්‍රියාකාරී සංගම් එහි විය. ඒවා අතර මා සිත් ගත්, මා ක්‍රියාකාරී ව වැඩ කටයුතු කළ සංගම් තුනක්‌ විය. ඉන් එකක්‌ වන්නේ පරිසර සංරක්‌ෂණය සම්බන්ධයෙන් මා හට බොහෝ අත්දැකීම් සහ දැනුම ලබා දුන් හන්තාන සංරක්‌ෂණ සංගමයයි. එකල්හි මේ සංගමය විසින් පරිසර සංරක්‌ෂණය උදෙසා බොහෝ ක්‍රියාකාරකම් සිදු කරනු ලැබී ය. සාමාජිකයන් ගේ දැනුම වර්ධනය කෙරෙහි ද විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කළ අතර සති අන්තයේ පැවැත්වූ ක්‌ෂේත්‍ර වැඩමුළු මා නිරන්තරයෙන් ම අගය කළ අංගයකි. මේ වැඩමුළු අතර ලයිකන පිළිබඳව පැවැත්වූ වැඩමුළුව පසුකාලීනව මාගේ පර්යේෂණ සඳහා ද බොහෝ උපකාර විය. එනිසා ම ලයිකන ගැන මෙවර විදු පත් ඉරුවෙහි සටහන් කරන්නට සිතුවෙමි. "ලයිකන" යනු සහජීවී සංගමයකි. ඇල්ගාවක්‌ හෝ නීලහරිත ඇල්ගාවක්‌ දිලීර ජාලයක මධ්‍යයේ ජීවත් වෙමින් එකිනෙකාට උපකාර කර ගන්නා හෙයින් මේ ජීව පද්ධතියට සහජීවී සංගමයක්‌ යෑයි පැවසේ. ඇල්ගාවට හෝ නීලහරිත ඇල්ගාවට ප්‍රභාසංශ්ලේෂණයෙන් ආහාර නිපැදවිය හැකි බව අපි දන්නෙමු. එහෙත් දිලීරයට එසේ කළ නොහැකි ය. ඒ හේතුවෙන් ඇල්ගාව