Posts

Showing posts from June 3, 2020
භූ සංචාරිතය 12 This article is originally published on Vidusara, 03.06.2020. මානව ශිෂ්ටාචාරයේ මූලාරම්භයට ගොහින් බැලුවහොත් අපට පැහැදිලි වෙන කාරණය තමයි ගල්ගුහා ගැන මිනිසුන්ගේ තියෙන අධික උනන්දුව සහ සැබෑ අවධානය මොකක්ද කියන එක. හැබැයි ඒ ඔය කියන අඳුරු ගල්ගුහා ගැන නම් නොවෙයි. ඔවුන්ගේ අවධානය යොමු වුනේ ආලෝකමත් වූ ගල්ගුහා වලටයි. ඇත්තෙන්ම ගල්ගුහා අඳුරු නැහැ. බලන කෝණය සහ පුද්ගලයා අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. මටනං ගල්ගුහා සියල්ල ආලෝකමත්. ඒ තුල බොහෝ දේ බලන්න තියෙනවා. සචේතනිකව දකින්න තියෙනවා.  මේ ගමන මාගේ භූ සංචාරිතය විස්තර කරන්නේ මාගේ දෙවන ගල්ගුහා අධ්‍යනය ගැන. 2010 වසරේදී පමණ මා ඉදිරිපත් කරන ලද ශ්‍රී ලංකාවේ ගල්ගුහා වර්ගිකරණය තුලින් මෙරට වූ විවිධ ආකාරයේ ගල්ගුහා ගැන අධ්‍යනයට ලක් කළා. ඒ අනුව අපට ගල් පියැසි (rock shelters) හමුවෙන අතර මානව ශිෂ්ටාචාරයේ ප්‍රගමණය සඳහා වැඩි දායකත්වයක් ලබා දෙන්නේ ගල් පියැසි බව අමතක නොකළ යුතුය. මාගේ පර්යේෂණ සගයන් සමහරක් මාගේ මතයන් ගැන එකඟ නොවනවා වෙන්නට පුළුවන. මාගේ වර්ගීකරණය තුල හමුවන සත්‍ය ගල්ගුහා සැමවිටම පිහිටන්නේ භූ අභ්‍යන්තරයේ. මතුපිට පිහිටන ගල්පියැසි වර්ග දෙ