Posts

Showing posts from July 16, 2019
විදුපත්ඉරුව 28.09.2016 මහත්තයෝ මේ බැම්ම තවමත් ශක්‌තිමත්ව තියෙන්නේ මෝරපු ගලෙන් බැඳපු නිසයි. එක ළපටි ගලක්‌ වත් මේකට ගත්තේ නැහැ". පසුගිය දවස්‌වල නාය යැම් පර්යේෂණ කටයුතුවල නියෑළෙද්දී මට හමු වූ එක්‌තරා පුද්ගලයෙක්‌ එසේ ප්‍රකාශ කළේ ය. ඉතා හොඳින් බැඳ තිබූ බැම්ම නිසා ඔහු ගේ ගෙය අසල කණ්‌ඩිය කඩා නො වැටී තිබිණි. එහෙත් අක්‍රමවත් ව බැඳ තිබූ අසල තවත් ගෙදරක බැම්ම මුළුමනින් ම ඇදවැටී තිබුණු අතර එනිසා එම ගෙදරට ද තරමක්‌ හානි වී තිබිණි. තවදුරටත් ඒ පුද්ගලයා සමග සංවාදයේ යෙදෙද්දී වරෙක ඔහු මෙසේ ද පැවසුවේ ය. "මේ හරියේ පොළොව ඇතුළේ තියෙන කළුගල් තවම වැවෙන ඒවා. එක හින්දා වැඩිපුර හම්බ වෙන්නේ ළපටි ගල්. ඒක තමා ඔය උඩින් ම තියන්නේ. තව කාලයක්‌ යන කොට මේවා හොඳට මෝරපු කළු ගල් වේ වි". ඇත්තට ම පොළොව ඇතුළේ ඇති ගල් වැඩෙනවා ද? ඉහළින් තිබෙන කුඩු ගල කාලයක්‌ යද්දී කළුගලක්‌ වෙන්නට පුළුවන් ද? සමහර පුදගලයන් ගේ පාෂාණ පිළිබඳව ඇති දැනුම කෙතරම් සාවද්‍ය ද යන්න මින් අපට පැහැදිලි වේ. පාෂාණ යනු පොළොව නිර්මාණය කරන තැනුම් ඒකක වේ. පෘථිවියේ කබොල නිර්මාණය කෙරෙන්නේ පාෂාණවලිනි. ඊට ඉහළින් විවිධ කාලවල දී