Posts

Showing posts from August 24, 2017
විදුපත්ඉරුව 20 17 අගෝස්‌තු 23 බදාදා මහාචාර්ය පීටර් වුඩ් (Prof. Peter Wood) යනු ආර්ථික විශේෂඥයෙකි. 1980 දී පමණ ඔහු කියා සිටියේ ලෝකයේ සිදු කරන ආර්ථික ගණනයන්වල දී පරිසරය අපට ලබා දෙන සේවාවන් උදෙසා ආර්ථික වටිනාකමක්‌ ලබා දිය යුතු බවයි. එසේ නො වන තාක්‌ රටක ආර්ථිකය අඳුරු (brown) බව ද පාරිසරික සේවාවන් අගය කරමින් ඒ සඳහා අගයන් එක්‌ කරන්නේ නම් එම ආර්ථිකය 'හරිත'වත් (green) බව ය. 'හරිත ගිණුම්කරණය' ලෝකය පාරිසරික සංරක්‌ෂණයේ නව මාවතකට යොමු කළ අදහසක්‌ බව කිව යුතු ය. අප සැම දා නො සිතන ලෙස පරිසරය සහ එහි සේවාවන් අගය කිරීමකට ලක්‌ වන්නේ නැත. කිසි දා ආපසු හැරී නො බලන ගමනක යෙදෙන ලෝක ආර්ථිකය කළු හෝ සුදු හෝ යෑයි නො සිතා ක්‍රියා කිරීම හේතුවෙන් පරිසරයේ වටිනාකම මෑතක්‌ වන තුරු ම ලඝූ කර ඇති බව පැහැදිලි ය. කාර්මික විප්ලවයේ විප්ලවීය වෙනස වූයේ හරිතමය වැස්‌ම ඉවත් කර අඳුරු පැහැ ගත් කර්මාන්ත ලොව ස්‌ථාපිත කරන්නට ය. එහෙත් කලක්‌ යද්දී තම ගමන්මග නිවැරැදි නො වන බව බටහිරයන් තේරුම්ගන්නා විට මුළු ලොව ඔවුන් අනුගමනය කරන්නට පටන්ගෙන අවසාන ය. එහෙත් හරි හරියට සිදු කරන තම විනාශකාරී ආර්ථික සංවර්ධන කටය