Posts

Showing posts from March 17, 2017
ළිං හිඳෙන්නේ නලලිං නිසාද.??? විදුපත් ඉරුව 2017 මාර්තු 15 බදාදා මතුපිට ජලය හිඳී යද්දී මෙන්ම කාර්මිකකරණයෙන් මෙන්ම ජනාවාසකරණයෙන් ද නිපැදවෙන අපද්‍රව්‍ය නිසා භාවිතයට ගත හැකි මතුපිට ජල මුලාශ්‍ර අහිමි වෙමිනුයි යන්නේ. ලංකාවේ බොහොමයක් ප්‍රදේශවල මේ වනවිට ජල අවශ්‍යතාවය සපුරා ගන්නේ භූ අභ්‍යන්තරයේ රැඳුන ජලයෙන්. මෙම භූගත ජලය ලබා ගැනීම සඳහා ඉවක් බවක් නොමැතිව නල ලිං ඉදිකිරිම සිදු වෙයි. කළමනාකරණයකින් තොරව නල ලිං ඉදිකිරිම ශ්‍රී ලංකික ජල සම්පතෙහි අනාගතය තව තවත් අඳුරු කරන්නට හේතුවන බව අප සිහි තබා ගත යුතුය.      භූගත ජලය පවතින්නේ භූගත ජල නිධි වල වන අතර එලෙස පවතින ආකාර දෙකකි. ඒවා අනවහිරත ජල නිධි (unconfined aquifer) සහ අවහිරත ජල නිධි (confined aquifer) වේ.   මින් පළමු වැන්න බොහෝ විට පවතින්නේ නොගැඹුරු භූ අභ්‍යන්තරයේ වන අතර ජලය පවතින්නේ පාංශු ස්තර සහ ඒ හා ආසන්නයේ පවතින පාෂාණ කලාප අතරයි. මේ නිසා මෙම ජල නිධි වල ජල මට්ටම කාලගුණයට අනුරූපියව උච්චාවචනය වේ. වර්ෂා කාලයේදී වැඩිවන ජල මට්ටම ඉඩෝර කාලවලදී පහල බසී. ශ්‍රී ලංකාවේ බොහෝමයක් සාමාන්‍ය ළිං නිර්මාණය කර ඇත්තේ මෙම ජල නිධි ඇසුරු කරගෙනය. දෙවැන්න