Posts

Showing posts from September 21, 2020
කන්දේ අසිරිය සොරාගන්නා වත්මන් සංවර්ධන කටයුතු.  This article is originally published on Vidusara, 16.09.2020. භූ සංචාරිතය 2 7 මෙරට කඳුකරය තරම් අපූරු චමත්කාර ජනක තැනක් ඇත්තේ නැත. එය එතරම් සුන්දරය. ඉතා අපූරු සංචාරක ස්ථාන රාශියක් නිර්මාණය වී ඇත්තේ නම් ඒ කඳුකරයේ බව අප අමතක නොකළ යුතුය. කඳුකරය භූ විෂමතාවය ගෙන එන්නේ දුටු දුටු ස්ථානයන්හි අලංකාරනයකි. එනිසාම මෙවර භූ සංචරිතය ගෙන එන්නේ කඳුකරයේ භූ අසිරියට සිදුවන ඉතා ප්‍රභල බලපෑම් කිහිපයක් ගැන සාකච්චා කරන්නටය. මන්දයත් කඳුකරයේ අසිරිය විඳින්නට නම් එය අප ආරක්ෂා කර ගත යුතුය. ආරක්ෂා කරගන්නේ කෙසේද යන්න පැහැදිලි කරගන්නට නම් එහි සිදුවන්නේ කුමන ආකාරයේ ව්‍යසනයක් ද අප තේරුම් ගත යුතුය. භූ සංචාරිත ස්ථාන රැකගැනීම මෙම ලිපි පෙළේ එක් අරමුණකි. භූ විෂමතා කලාප කදිමට දැක බලා ගන්නට වඩාත්ම සුදුසු ස්ථානය ලෙස මහාචාර්ය කුරේ මහතා එතුමාගේ පොතේ සඳහන් කරන්නේ හපුතලේ බවයි. හපුතලේ පහුකර පල්ලම බහින්නට සුදානම් වන්නට පෙර ඉදිරියෙන් ඇත්තා වූ භූ දර්ශනය ඔබ දැකගෙන ඇත්තේ නම් එහි චමත්කාරජනක බව ගැන අමුතුවෙන් විස්තර කල යුත්තේ නැහැ. “Geology of Ceylon” නම් වූ ඒ සාරගර්භ පුස්ථකය මෙරට භූ