Posts

Showing posts from January 11, 2017
භූ විද්‍යාව යනු කුමක්‌ ද ? විදුපත් ඉරුව, විදුසර 2015.11.04 පෘථිවියේ ආරම්භය, අතීත පැවැත්ම සහ ව්‍යqහය ගැන සිදු කරන විද්‍යාත්මක අධ්‍යයනය භූ විද්‍යාවයි. එහි දී අප හොඳින් ම දන්නා ජලගෝලය, වායුගෝලය සහ ශිලාගෝලය අතර ඇත්තා වූ අන්තර් සම්බන්ධතා, ඛනිජ සහ පාෂාණ, ප්‍රාග් ජීව ධාතුන්, මැණික්‌, ඛනිජ තෙල් සහ වායූන්, වැස්‌ස සහ ජල සම්පත්, ගිනිකඳු පිපිරීම්, පා වන මහාද්වීප, භූ කම්පන, නාය යැම් සහ සුනාමි වැනි අනතුරු, පාංශු ඛාදනය සහ ජීරණය වැනි ක්‍රිsයාකාරකම් යනාදී විෂය ඉසව් රැසක්‌ අධ්‍යයනය කෙරේ. එපමණක්‌ නො ව විශ්වයේ පවත්නා භෘතික වස්‌තූන් පිළිබඳව ද ඒවායේ ක්‍රියාකාරීත්වය පිළිබඳව ද මේ විෂය ක්‌ෂේත්‍රය තුළින් සාකච්ඡා කරනු ලබයි. ඉතා පුළුල් පරාසයක්‌ පුරා පැතිරී යන මේ විෂයය, රසායන විද්‍යාව, ජීව විද්‍යාව භෘතික විද්‍යාව යනාදී අනෙකුත් මූලික විෂයන් සමග ද සම්බන්ධකම් පවත්වයි පෘථිවියෙහි භූ විද්‍යාත්මක පසුබිම පෘථිවිය ඇතුළු මේ විශ්වයේ පවතින ග්‍රහ වස්‌තූන් නිර්මාණය වී ඇත්තේ ඛනිජවලිනි. ඛනිජ රැසක එකතුවක්‌ පාෂාණ නිර්මාණය කිරීමට හේතු වේ. එක්‌ ඛනිජයකින් පමණක්‌ නිර්මාණය වූ පාෂාණ ද නැත්තේ නො වේ. පෘථිවියෙහි දැනට හ
විද්‍යාව මා සිත් ගත්තේ කුඩා කල සිටයි. විජය පත්තරෙන්ද ඉන් පසු විදුසර පත්තරෙන් ද මාගේ විද්‍යා දැනුම මුවහත් වූ බව ඉමහත් ප්‍රීතියකින් යුක්තව කිව යුතුයි. පාසලේදී ලද දැනුම ද විශ්ව විද්‍යාලයෙන් ලද දැනුම ද විද්‍යාවේ පරතෙරට යාමට තරම් නොවූවද අඩුම තරමින් එහි ගැඹුර කුමක්දැයි සිතන්නට තරම් ප්‍රමාණවත් විය. තාර්කික ඥානය පුබුදු කරවාලන මෙම විෂය දහරාව ඇත්තෙන්ම එකල්හි විශ්මය ජනක වූවද දැන් දැන් එහි භාවිතය කොතරම් අගනේදැයි සිතේ. සෑම තැනකම ඇත්තේ විද්‍යාවයි. එය ලෝකය විනිවිද දකින්නට අපව පොළොඹවාලයි.     බටහිරෙන් මතු වුවද සෑම සංස්කෘතියක් තුලම එයටම මුල් බැස ගත් විද්‍යාවක් ඇති බව අප වටහා ගත යුතුය. එනිසා උතුම් වන්නේ හෝ ඉහළින් වැජඹෙන්නේ මෙයයි තර්ක කිරීම සාධාරණ නැත. විද්‍යා වින්දන තුලින් මා උත්සාහ කරන්නේ මා ලද දැනුම ද මා නිර්මාණය කරනා දැනුම ද ඔබ ඉදිරියට ගෙන එන්නටයි. යමෙකු ඒ තුල එකඟ නොවන්නට පුළුවන. ඔබට ඒ වෙනුවෙන් තර්ක කිරීමට ද පුළුවන. නිවැරදි තොරතුරු වෙනුවෙන් සෑම විටකම ඔබට පෙනී සිටිය හැක. ආචාර්ය පත්මකුමාර ජයසිංහ