Posts

Showing posts from December 26, 2020
වැනසෙන වනසන වගුරු බිම්, සම්පතකි පහත් බිම්....!!! This  article is originally published on Vidusara 23.12.2020. භූ සංචාරිතය 37 වගුරු බිම් පහත් බිම්ය. පහත් හෝ උසස් හෝ වූවා කියා වෙනසක් නොමැත, මන්දයත් මේ සියල්ල භූ රුපණයේ එක්එක් අංගය. පාෂාණ ජිර්ණයේත් ඛාදනයේත් ප්‍රතිඵලයක් ලෙස බිහිවන මෙවැනි භූ රූපණ පරිසරයට ඉතා අත්‍යවශය වේ. දුර්වල පාෂාණ කලාප ඉතා වේගයෙන් ජීර්ණයට සහ ඛාදනය ලක් වෙයි. මේ සඳහා ඛණිජ සංයුතිය පමණක් නොව පාෂාණයේ ව්‍යුහයන්ද ආධාර උපකාරී වෙයි. මෙනිසා ඉතා ඈතට ඇදී යන්නාවූ නිම්නකලාපත් කඳුවැටිත් බිහි වෙයි. ශ්‍රී ලංකවේ භූ රූපණය විශේෂ වෙයි. මධ්‍යයේ වූ කඳු වැටිය වටකරමින් ඇත්තේ උතුරින් ඉතා විශාල තැනිතලා භූමියක් බිහි කරමින්. ජීර්ණයට ක්‍රියාදාමයේදී මුරණ්ඩු වුවෝ හුදකලා කඳු බවට පත් වූවෝ වෙති. වෙරලාසන්නයට යත්ම යත්ම උච්ච බව අහිමි කරගන්නා මෙරට භුමිය මුහුදු මායිමේ දී සාගර තරංගවල බලපෑමද නොඅඩුව ලැබේ. එනිසා මුහුද මට්ටමේ උච්චාවචනය මෙම පහත් බිම්වල පැවැත්ම තහවුරු කරනුවස් විශාල මෙහවරක් සිදු කර ඇත. කලකදී පහලයන මුහුදු ජල මට්ටම නිසා පහත් බිම් කලාප විශාල වන අතර ඉහල යාම නිසා එම කලාපය සංකෝචනය වෙයි. පහත් බිම්වලට