Posts

Showing posts from March 26, 2020
කොරෝනා ගෙට ගත්තද නැතිනං ගෙට ආවද..? An edited verision of this article has been piblished on Vidusara, 25th March, 2020. මේ සංචාරය කරන්න කොහොමවත් සුදුසු කාලය නොවෙයි. සංචාරය කරන්න නොවෙයි ඒ ගැන කතා කරන එකත් තේරුමක් නැහැ. මිනිසුන්ගේ සිත් තුල කරන්න බැරි දේවල් සඳහා උන්න න් දුව ඇතිකරන එක වැරදියි. ඒ නිසා මම කල්පනා කළා භූ සංචරිතයෙන් මේ සතියේ සංචාරක සටහන් ලියන එක නවත්තලා මේ දිනවල රටට වෙලා තියෙන සංගදිය ගැන කතා කරන එක හොඳයි කියලා.  කොරෝනා වෛරසය නිසා ඇතිවෙලා තියෙන රෝගී තත්වයෙන් රටම බැට කන මොහොතක සිදුවෙන සහ සිදුවෙලා තියෙන දේවල් වලින් අපේ සමාජයට බලපාන්නේ කොහොමද යන්න විමර්ශනය ඉතාම වැදගත්. මොකද එමගින් ඇතිවෙලා තියෙන තත්වය සමනය කරගන්න යම් කිසි ක්‍රියාමාර්ගයක් ගන්නට ඇත්නම් ඒ සඳහා මෙවැනි විමර්ශන, විවේචන වැදගත් වේවි.  වසර දහස් ගනනාවක් තිස්සේ ප්‍රත්‍යක්ෂය මගින් තහවුරු කරගත් ඉතා වටිනා කියනා සිරිත් විරිත් රාශියක් නිර්මාණය කර ගනිමින් ස්ථාවර සමාජ සංස්කෘතියක් හිමිව තිබු ශ්‍රී ලංකික ජන සමාජය බටහිර විද්‍යාවත් ඉන් උත්පාදනය වූ තාක්ෂණයත් නිසා මේ වන විට වල්මත් වූත් අතරමං වූත් ජන කොටසක් බව