Posts

Showing posts from November 28, 2019
මැට්‌ටෙන් හදන තීන්ත.. Original article was published in Divaina 27.11.2019 ඉස්‌සර කාලේ විහාර, මාලිගා වාගේ දේවල් වල බිත්ති අලංකරණය සඳහා චිත්‍ර නිර්මාණය කළා. විවිධ පැහැයන් නිර්මාණය සඳහා ඔවුන් පරිසරයෙන් සොයාගත හැකි වර්ණ ඒ සඳහා භාවිතා කළ බවට ඕනෑ තරම් සාක්‌ෂි තියෙනවා. රතු පාට, නිල් පාට, සුදු පාට වැනි පාටවල් ලබා ගැනීම සඳහා ඔවුන් භාවිතා කරලා තියෙන්නේ පොළොවෙන් ලබා ගත් ඛනිජ වර්ග. ඒ අතුරින් සුදු පැහැය සාදාගත් ආකාරය අපූරුයි.    ආදි කාලිකයෝ සුදු පැහැය සාදා ගත්තේ කෙයෝලින් කියලා මැට්‌ටකින්. ඒ කාලේ හැඳින්වුණේ මකුළු මැට්‌ට කියලා. කෙයෝලින් භූ පරිසරයේ නිර්මාණය වෙන්නේ පාෂාණ ජීර්ණය නිසා. ඇත්තටම පාෂාණ නිර්මාණය වෙලා තියන ඛනිජ ජීර්ණයෙන් තමයි මැටි නිර්මාණය වෙන්නේ. මෙහිදී වැදගත් වෙන ඛනිජය තමයි පෙල්ඩ්ස්‌පාර් කියන්නේ. පෙල්ඩ්ස්‌පාර් වර්ග ගණනාවක්‌ම තියෙනවා. කෙයෝලින් එහෙම නැතිනං ඔය කියන මකුළු මැට්‌ට නිර්මාණය වෙන්නේ කැල්සියම් අඩංගු පෙල්ඩ්ස්‌පාර් ජීර්ණයෙන්. මේ මැටිවලට චීන මැටි කියලත් කියනවා. කෙයෝලින් කියන්නේ රසායනිකව ඇලුමිනෝ සිලිකේටයක්‌.    තීන්ත කර්මාන්තයේදී නැතිවම බැරි අමුද්‍රව්‍යයක්‌ බවට මේ මකුළු මැට්‌ට එහ