Posts

Showing posts from June 12, 2018
CKDu සහ ප්‍රතිආසෘත ජලය දශක දෙකකට අධික කාලයක් තිස්සේ මාරාන්තික වකුගඩු රෝගය රජරට ජනතාව බිල්ලට ගනිමින් සිටී. තවමත් මේ රෝගය සෑදෙන නිශ්චිත හේතුවක් ප්‍රකාශයට පත් කරගැනීමට නොහැකිව පර්යේෂකයන්ද වෛද්‍යවරුන්ද බොහෝ සාකච්චාවල යෙදී සිටින බව අපට පෙනී යයි. විවිධ පර්යේෂකයන් හේතු සදහා ඉදිරිපත් කරන්නා වූ විවිධ මතිමතාන්තර ඔප්පු කරනු වස් විවිධ සාක්ෂ්‍ය ගෙනහැර පානාමුත් සියල්ල එකගවන්නා වූ පැහැදිලි කිරීමක් මේ වන තෙක් ඉදිරිපත් වී නොමැති බව පැහැදිලි කරුණකි. එසේ වුවද බොහෝ දෙනා එකඟ වන්නා වූ එක් කරුණක් වෙයි. ඒ මේ රෝගය ඇතිවන්නේ බිමට ගන්නා ජලය මූලික කර ගෙන බව යන්නයි. ශ්‍රී ලාංකේය ජල සම්පත දුෂණය වීම පසුගිය දශක කිහිපය තිස්සේ ඉතා සිඝ්‍රව සිදුවන බව පර්යේෂණාත්මකව ද ඔප්පු වී ඇති කරුණකි. ඒ සදහා බොහෝ මානව ක්‍රියාකාරකම් හේතුවන අතර ඉන් ප්‍රධානම වන්නේ කෘෂිකාර්මික කටයුතු හේතුවෙන් සිදුවන අස්ථානිය (non point pollution) දූෂණය යි. එලෙස හැදින්වූවද එහි මුඛ්‍ය අර්ථය වන්නේ ඉතා විශාල ප්‍රදේශයක් හරහා එකවර දූෂකයන් පොළොවට එක් වී ජල නිධි දූෂණය වන බවයි. කෘෂිකාර්මික කටයුතුවලදී විවීධ රසායනික ද්‍රව්‍ය වගාවට එක් කරන අතර ඒවා බොහොම
භුමි කම්පා; ලංකාවට තවත් අනාගත අපදාවක්ද...? 2014 වසරේ විදුසර පුවත්පතෙහි පලකල ලිපියකි. ආපදා කළමනාකරණය ශ්‍රී ලාංකිකයනට හුරු පුරුදු වචන යුගලයක් වුයේ   මේ මෑත කාලීනවයි. වරින් වර සිදුවෙන්නා වූ නාය යෑම්, ගංවතුර යනාදී ස්වභාවික ආපදාවන් හේතුවෙන් මෙරට වැසියන් පීඩාවට පත් වූවත් 2004 වසරේ සිදු වූ සුනාමි ඛේදවාචකයත් සමඟ ආපදා කළමනාකරණය පිළිබඳ සියල්ලන්ගේම අවධානය යොමු විය. ඉන්දුනීසියාව අසල වූ භූ තල වල එක් රැස් වූ අධික තෙරපුම එකවරම නිදහස් වීම හේතු කොටගෙන මුහුද අභ්‍යන්තරයේ සිදු වූ කම්පනයෙන් කැළඹුන මුහුදු ජල තරංග අධික ශක්තියක් රැගෙන ගොඩබිම බලා වේගවත් ව ගමන් කල අතර වෙරළාසන්න නොගැඹුරු මුහුදු පත්ලෙහි ගැටී ඇති වූ අති බිහිසුණු මාරාන්තික රළ පහර   වෙරලබඩ ජනජීවිතය සුනු විසුනු කරන ලද්දේ ඇසුරු සැණෙකිනි. කිසිවෙකුට හෝ ඒ කෙරහි සිත් අල්වා ගනු පිණිස කාලයක් නොදුන් තරම් ය. එකල මේ බිහිසුණු ආපදාව පිලිබඳ අත්දැකීමක් නොවූයෙන් පෙර සුදානමක් ද නොවීය. එනිසාම සිදු වූ හානිය ද අති මහත් විය. ශ්‍රී ලාංකිකයන්ගේ පවුරානිකව රැගෙන ආ සංස්කෘතික සබදියාවත්, තිබු එකමුතුකමත් හේතුවෙන් විපතෙන් පැය කිහිපයක් යන්නට මත්තෙන් විපතට පත