15.08.2021
උල්කා සහ උල්කෂ්මවල ඛණිජ සංයුතිය
උල්කා සහ උල්කාෂ්ම යනු අභ්‍යවකාශ පාෂාණ
කැබලි බව දැන් ඔබ ඉතා හොඳින් දන්නවා ඇති.
මෙමෙ භූ විද්‍යාත්මක ද්‍රවයන් සෑදී ඇත්තේ බොහෝ විට ඛණිජ වලින් බව ඔබට වැටහේවි.
ඛණිජ යනු ඝන රසායනිකයන් බවත් ඒවාට කදිම ස්ඵටිකරූපි සොබාවයක් ඇති බවත් භූ විද්‍යාව හදාරන
ඔබ වටහා ගත යුතුය.
උල්කා ඛණිජ සංයුතිය රඳා පවතින්නේ ඒවායේ
මුල් ද්‍රව්‍ය එනම් ග්‍රහකවල රසායනය මත පමණක් නොවේ. මේවා සැරිසරන විට පවතින පරිසරයේ
උෂ්ණත්වය සහ පීඩනය ද මේ සඳහා හේතු වේ. පෘතුවි වායුගෝලයේ විදගෙන මෙලොවට පතිත වන උල්කා
බොහොමයක් ඉතා අධික තාපයකට ගොදුරු වේ. එනිසා තාප විපරිතයට භාජනය වි විපරිත පාෂාන්වලට
අවේනික ඛණිජ සමුච්චයක් බිහිකරන්නට සමත් වෙයි. එපමණක් නොව ගැටීමේදී ඇතිවන කම්පනයද ඇතිවන
තාපයද මේවායේ ඛණිජ සමුච්චය තීරණය කරන්නට සමත්වෙයි.
මේවනවිට උල්කාෂ්ම හැටදහසක් පමණ සොයාගෙන
ඇති අතර ඒවා විශ්ලේෂණයෙන් ඛණිජ වර්ග 470ක් පමණ හඳුනාගෙන ඇත. මෙම ඛණිජ සමුච්චයට විවිධ
ඛණිජ වර්ග අයත් වේ. ඒ අතර තනි මුලද්‍රව්‍යය, ලෝහ, සිලිකේට, පොස්පේට, ඔක්සයිඩ, හයිද්‍රෝ;ක්සයිඩ, කාබයිඩ, සල්ෆයිඩ,
සිලිසයිඩ, හේලයිඩ, ටෙලුරයිඩ, ඔක්සලේට, නයිට්‍රයිඩ, ඔක්සිනයිට්‍රයිඩ, කාබෝනේට සහ මොලිබ්ඩේට
යනාදී ඛණිජ අඩංගු වේ. මේවා සමහරක් පෘතුවියේ බහුලව හමුවන අතර සමහර ඛණිජ දුර්ලභ වේ.
උල්කා ඛණිජ විශ්ලේෂණය අපව රැගෙන යන්නේ
ඒවා අත්විඳි ගිනිය නොහැකි ආකාරයේ විවිධ ක්‍රියාදාමයන් වෙතටයි. ඒවා නම් බොහෝ විට ඉහත
විස්තර කල පරිදි,
1. ඉපදෙන ග්‍රහලෝකවටා
දූදුවිලි වලා ඝනීභවනය ද ,
2. නෙබුලාවේ අභ්‍යන්තරික
ඝනීභවනය ද,
3. කැල්සියම් සහ ඇලුමිනියම් සහිත
ද්‍රවයේ සිදුවන ස්ඵටිකීකරණය ද,
4. ද්‍රව වූ ක්ෂුද්‍ර ඔලිවින්
ඛණිජමය රසායනයේ ස්ඵටිකීකරණය ද
5. ද්‍රව වූ “බිජු ඛණිකා”
තරලයේ ස්ඵටිකීකරණය ද
6. අභ්‍යන්තරික කැල්සියම් මැග්නීසියම්
ඛණිජ ස්ඵටිකීකරණය ද
7. බිජු ඛණිකා සිසිලනයේ දී සිදුවන වෙන්වීම ද
8. පාරාන්ධ යක්ක බිජු ඛණිකා ස්ඵටිකීකරණය ද,
9. සුර්යය නෙබුයුලාවේ අස්ඵටික
ද්‍රව්‍ය මෘදුකරණය ද,
10. මාතෘ ද්‍රව්‍යවල අඩංගු අස්ඵටික
ද්‍රව්‍ය මෘදුකරණය ද,
11. අධිතාප විපරිතකරණය ද,
12. ජලීය විකෘතය, උණුජල
විකෘතය සහ ලෝපාතරල විකෘතය ද,
13. ග්‍රහක කරිජ්ජයෙන් සිදුවන
අවක්ෂේපණය ද,
14. කම්පන විපරීතකරණය ද,
15. අභ්‍යවකාශයේ සිදුවන ජීර්ණය
ද,
16. තරල කුටීර තුල සිදුවන ඝනීභවනය ද
17. අවසාන අඩියේ ඇති දුර්මාරයෙන්
සිදුවන ඝනීභවනය ද,
18. ආග්නේය තරල ස්ඵටිකිකරණය ද
19. සුර්යය සමිපකයේදී සිදුවන උණුසුම්
වීම නිසා ද
20. සපුරා හෝ භාගිකව වෙන් වූ ග්‍රහ වස්තුවල සිදුවන ස්ඵටිකිකරණය ද ආදී ලෙස නම් කල හැක.
මතුසම්බන්ධයි.......
ආචාර්ය පත්මකුමාර ජයසිංහ
පරිශීලන : Meteorite Mineralogyfree, Alan E. Rubin and Chi Ma. Planetary
Science, 2020