Posts

Showing posts from January 15, 2020
  ඇයි රත්තරන් මෙච්චර ගණන්..?   This article was orginally published in Divaina, 15.01.2020.  http://divaina.com/daily/index.php/visheshanga3/38026-2020-01-14-13-58-60 ඉපැරණි ලෝකයේ වටිනාම ලෝහය වූයේ රත්තරන්. කලෙක වෙළෙඳ ද්‍රව්‍ය හුවමාරුව සඳහා වූ මුදලක්‌ ලෙසද භාවිතා කළා. අදවන විටත් බ්‍රිතාන්‍යයේ මුදල් ඒකකය වෙන්නේ රන් පවුම්. රත්තරන් මෙලෙස වටිනා ද්‍රව්‍යයක්‌ බවට පත් වුණේ කොහොමද?    භූ විද්‍යාත්මකව රත්තරන් කියන්නේ ඛණිජයක්‌. සොබාවිකව හමුවන මුලද්‍රව්‍යමය ඛණිජයක්‌ කියලා හඳුන්වන්න පුළුවන්. බොහොමයක්‌ ඛණිජ පරිසරයේ මුණ ගැහෙන්නේ සංයෝග ලෙස. නමුත් රත්තරන් ඇතුළු ඛණිජ කිහිපයක්‌ එලෙස සංයෝග සාදන්නේ නැහැ. ඒ කියන්නේ වෙනත් මුලද්‍රව්‍ය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. විශේෂයෙන්ම ඔක්‌සිජන් සහ ජලය සමග. එහෙම නැතිනං බොහොම අඩුවෙන් තමයි ප්‍රතික්‍රියා කර සංයෝග සාදන්නේ. හැබැයි රත්තරන් ගෙන්දගම් (S) හමුවේ නම් කළු පැහැති සල්ෆයිඩය සදනවා. ඒක නිසා තමයි ගෙන්දගම්වලට රත්තරන්වල සතුරා කියලා කියන්නේ. ඒ වාගෙම රත්තරන්වලට ගඳක්‌ සුවඳක්‌ ඇත්තෙත් නැහැ.    ඉතා අඩුවෙන් ප්‍රතික්‍රියා දැක්‌වීම පමණක්‌ නොවෙයි රත්තරන්වල තියෙන සුවිශේෂී ග