Posts

Showing posts from December 17, 2020
........ඒ පිළිමය පරාක්‍රමබාහු රජුගේ නම් නොවේ.....!!! භූ සංචාරිතය 36 This article is originally published on Vidusara 16.12.2020   පළමුවන පරාක්‍රමබාහු රජු පොළොන්නරුවේ රජු වූයේය. ඔහු ජලාශ ගණනාවක් එක්කොට සමුද්‍රයක් බඳු මහා ජලාශය ඔහුගේ නමින් ඉදිකළේය. රජරට සශ්‍රිකාභාවයට පත් කළේය. බෞද්ධාගම ප්‍රචලිත කළේය. එහි අභිවෘධිය සඳහා වැඩකටයුතු කළේය. මෙතුමා ඉදිකළ මහා ජලාශයට ඔබ්බෙන් තවත් ගොඩනැගිලි සංකීර්ණයක් වෙයි. වර්තමානයේ එය හඳුන්වන්නේ පොතුගුල් වෙහෙර යනුවෙනි. ගොඩනැගිලි සංකීර්ණය පුස්තකාලයක් විය හැකි බවටයි පුරවිද්‍ය්ඥයින් හඳුනාගෙන ඇත්තේ. ඒවාගේම එහි ඇත්තාවූ විශාල මානව ප්‍රතිමාව බොහෝ අය හඳුන්වන්නේ පරාක්‍රමබාහු රජතුමාගේ බවයි. සමහරු එය ඍෂිවරයෙකුගේ බවත් විශ්වාස කරයි. නමුත් මේ පිළිබඳව පැහැදිලි මතයක් මේ වනතෙක් ඉදිරිපත් වී නැති බවයි පෙනී යන්නේ. එනිසා මෙවර භූ සංචාරිතයෙන් මේ ගැටලුව නිරාකරණය කල යුතුයැයි සිතුවෙමි. ශ්‍රී ලංකවේ ඉතිහාසය මෙරට ජනතාවගේ ශෛල තාක්ෂණය ඉතා ඉහල මට්ටම තිබු බවට ඕනා තරම් සාක්ෂි ගෙන එයි. අනුරාධපුරයේ මෙන්ම පොළොන්නරුවේ ද ඇත්තාවූ මේ ශෛලමය ප්‍රතිමා සහ ගෘහ නිර්මාණ ඉතා විශිෂ්ට නිර්මාණ බව කිව යුත