Posts

Showing posts from August 2, 2021
  විශ්ව භූ වේදය විශ්වයේ සැරිසරන උල්කා සහ උල්කාෂ්ම අභ්‍යවකාශයේ සැරිසරන වල්ගාතරුවක හෝ ග්‍රහකයක හෝ උල්කාපාතයක කැබලි උල්කා ලෙස හැඳින්විය හැක. ඝන වස්තූන් වන මේවා පාෂාණමය හෝ ලෝහමය හෝ ඒවායේ මිශ්‍රණයක් ලෙස හෝ පැවතිය හැක. පිටත අභ්‍යවකාශයේ සැරිසරන උල්කා කැබලි යම් කිසි ග්‍රහලෝකයක වායුගෝලයට ඇතුල් වී යෙදෙන ගමනේ දී ලබන අනේක විධි වධ වේදනා හමු වේ ඉතිරිවන දේහය ග්‍රහලෝකයේ මතුපිටට ඇදවැටුන පසු උල්කාෂ්මයක් බවට පත්වන බව පැවසේ. මේවායේ ප්‍රමාණය විවිධ විය හැක. වායුගෝලයේ හරහා ගමන් කිරීමේදී ඇතිවන ඝර්ෂණය ද වායුගෝලීය පීඩනය ද විවිධ වායුන් ගේ බලපෑමෙන් ඇතිවන රසායනික ප්‍රතික්‍රියා ද උල්කාෂ්මයට යම් බලපෑමක් ඇතිකරයි. බාහිර පෘෂ්ටයේ ඇතිවන අධික තාපය ඛණිජ සමුච්චය වෙනස්කරන්නට හේතුවන බව පැහැදිළි වේ. බොහොමයක් උල්කා මෙම ගමනේදී සපුරා විනාශවන නිසා භූ මතුපිටට ඇද වැටෙන්න අතලොස්සකි. ගහලෝකයේ මතුපිටට ලඟා වන්නට තරම් විශාල වූ උල්කා පමණක් මෙලස තම ගමන නිම කරයි.   සංයුතිය අනුව උල්කාෂ්ම වර්ග තුනකි.   1.      ලෝහමය (යක්ක ) උල්කාෂ්ම 2.      ශිලාමය ( සෙල්ල) උල්කාෂ්ම 3.      ලෝශිලා (සෙල් යක්ක) උල්කාෂ්ම උල්කාෂ්මයක් හඳුනාගන්නේ කෙසේද ?