Posts

Showing posts from April 15, 2024
 ඛණිජ ගැන දුර්මත..................!!! භූපුරාවිද්‍යාවේ අවශ්‍යතාවය ශ්‍රී ලංකාවාට තදින්ම දැනෙමින් පවතී. නොදන්නාකම නිසාම සිදුකරන සමහර අර්ථකථන ජනතාව නොමගයවන සුළුය. පුරාවිද්යාවේ අර්ථකථන සඳහා භුවිද්‍යාවේ අවශ්‍යතාව පසුගිය දශක දෙකකට ආසන්න කාලයක සිටම මම පෙන්වමින් සිටියෙමි. කී දෙනෙකු එය තේරුම් ගත්තාදැයි නොදනී.  වරින්වර සමහර විද්වතුන් සිදුකරන ප්‍රකාශ අර්ථශුන්‍ය වගකීම් විරහිත ඒවා බව පැහැදිලි වේ. එහෙන් මෙහෙන් අහුලාගත් සමහර කරුණු නිසි අවබෝධයකින් තොරව භාවිතා කිරීම අතිශය භයානකය. එමගින් දන්නා ඉතිහාසය ද විකෘත කෙරේ. එක් මහාචාර්යවරයෙකු විසින් ලියන ලද පර්යේෂණ ග්‍රන්ථයක (සිංහල) කඳුකරයේ ජනතාව “ඇල්මන්ඩින් ගානට්” වලින් යකඩ නිස්සාරණය කරන ලද බවද සඳහන් වේ. එය පිළිගත නොහැකි නොමග යවන සුළු ප්‍රකාශයකි. අප විසින් කරන ලද පර්යේෂණ වලින් තහවුරු වන්නේ හිම්ටයිට් නම් වූ යකඩ ඛනිජය මේ සඳහා යොදාගත් බවයි. මේ සඳහා ක්ෂේත්‍ර සාක්ෂි උඩවලව, හල්දුම්මුල්ල වැනි ප්‍රදේශ වලින් පමණක් නොව සේරුවල ප්‍රදේශයෙන් පවා හමුවන බව මෙහිලා සඳහන් කල යුතුය.  සේරුවිල ප්‍රදේශය ප්‍රසිද්ධ වන්නේ තඹ නිධිය පැවතීම හේතුකොටගෙනය. තඹ ප්‍රයෝජනයට ගැනීම “මාගේ මතය” අනුව ව