Posts

Showing posts from January 28, 2020
භූ පැල්මවල් සහ ගිලා බැසීම්....!!! පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන් 3. Orginally publlished on Vidusara, 22.01.2020. මෙවර අපේ සංචාරය යාපනයට. යාපනේ අච්චුවේලි ප්‍රදේශයේ සිදු වූ භූ අස්ථාවරත්වයක් නිරීක්ෂණය කිරීමයි අපේ අරමුණ වුනේ. අච්චුවේලි ප්‍රදේශයේ කුඹුරක කොටසක් ගිලා බැහැලා. ඒ අසල වූ ගෙයක් මැදින් තමයි පැල්ම ඇතිවෙලා තිබුනේ. ඒක හින්දා ගේ දෙකට මැදින් කැඩිලා. අඟල් කිහිපයක් ඈත් වෙලා. රතු පාට පස් පිරුණ කුඹුරේ මීටර් 70 ක විතර ලොකුවට රවුමට පැල්මක් වැටිලා. අඟල් කිහිපයක් පැල්ම ආසන්නයේ ගිලා බැහැලා.  භූ පැල්මවල් සහ ගිලා බැසීම් වෙන්නේ කොහොමද කියලා ගොඩ දෙනෙකුට පැහැදිළි නැහැ, විශේෂයෙන්ම යාපනේ. යාපනය අර්ධ ද්වීපය නිර්මාණය වෙලා තියෙන්නේ හුණු ගල් වලින්. මේ හුණුගල් භූ විද්‍යාත්මකව අවසාදිත පාෂාණ වර්ගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. හුණුගල් රසායනිකව කැල්සියම් සහ මැග්නීසියම් සහිත කාබොනේටයක් ලෙසයි ගැනෙන්නේ. යාපනයේ හුණුගල් හදුන්වන්නේ මයෝසීන හුණුගල් ලෙසයි. ඒ මොකුත් නිසා නෙවෙයි, මේ හුණු ගල නිර්මාණය වෙන්නේ මයෝසීන කාලයේ හින්දා.     මයෝසීන කාලය දිග්ගැහැන්නේ වසර මිලියන 23 විතර ඉඳලා වසර ම