Posts

Showing posts from January 9, 2020
පත්මෙ ගේ භූ සංචාරිතය; භූ විද්‍යාඥයෙකුගේ සංචාරක සටහන්  This article was published in Vidusara 09.01.2020 භූ විද්‍යාව හරිම අපූරු විෂය ක්ෂේත්‍රයක්. ලෝකේ තියෙන සුන්දරම, ඒ වාගේම විශ්මිත දේවල් ගැන ඉගෙන ගන්න, දැක බලා ගන්න මේ හින්දා අවස්ථාව ලැබෙනවා. පසුගිය දශක දෙකක පමණ කාලය තුල බොහොම අපූරු අත්දැකීම් ඒ හින්දා මට ලැබුනා. මේ වතාවේ ඉදිරිපත් කරන ලිපි මාලාවෙන් මම ඔයාලට කියන්න හදන්න ශ්‍රී ලංකාවේ එවැනි භූ විද්‍යාත්මක වටිනාකමක් ඇති තැන් පිළිබඳව. ඒ ගොඩක් තැන් මම ගිහින් තියෙන තැන්. මාගේ ඒ සංචාර වල දී ලත් අත්දැකීම් පමණක් නොවෙයි ඒ හා බැඳුන අපුරු භූ විද්‍යාත්මක රහස් මේ ලිපි වලින් ඉදිරිපත් කරන්නයි බලාපොරොත්තුව. ඔයාලත් ඒ තැන් බලන්න යනවානම් ඒ තැන්වල භූ විද්‍යාත්මක පසුබිම ගැන දැනගෙනම යන එකේ යම් වටිනාකමක් තියේවි. භූ විද්‍යාත්මකව වැදගත් වෙන ස්ථාන නැරඹීමට මේ වෙනකොට ලෝකේ සංචාරක ක්ෂේත්‍රයේ නව ප්‍රවණතාවයක් ඇතිවෙලා තියෙනවා. ඒක “භූ සංචාරිතය’ (Geo Tourism) කියලා හඳුන්වන්නත් පුළුවන්. කුඩා දිවයිනක් වෙන ශ්‍රී ලංකවේ වර්ගඵලය වර්ග කිලෝමිටර 65610 ක් පමණ වෙනවානෙ. සමහරු කියනවා 2004 ආපු සුනාමියට පස්සේ ශ්‍රී ලංකවේ