Posts

Showing posts from September 14, 2020
ශ්‍රී ලංකාවේ සිටි ජුරාසිකයෝ....!!! භූ සංචාරිතය 2 6 This article is originally published on Vidusara, 05.09.2020 ප්‍රාග් පරිසරයේ කලෙක මෙළොව රජ කෙරුවෝ නම් උරගයෝය. ඔවුහු මෙදින සිට වසර මිලියන දෙසිය පනහකට පමණ පෙර සිටියෝ වෙති. ඔවුන්ගේ ආරම්භය දිව යන්නේ ක්‍රිටේසියස් කාල වකවානුවටයි. එතැන් පටන් උරගයෝ සෑම මහාද්විපයකම සැරිසරන්නට ඇත. පසුව පැමිණි ජුරාසික යුගය ඔවුන්ගේ ස්වර්ණමය යුගය වන්නට ඇත. ඔවුන් හා සමගාමිව මෙළොව පරිණාමිකව ප්‍රමුඛ ශාක ප්‍රජාව වූයේ අපුෂ්පක ශාකයි. ඒ අතර විවිධ වර්ගවල පර්නාංග ද ප්‍රමුඛව පැවතී ඇත. වඩා විශ්මය ජනක කාරණය වන්නේ සියයට අසුවක් පමණ වූ මෙරට භුමි භාගය ප්රෝටෙරෝසොයික් කාලයේ නිර්මාණය වූ පැරණිම විපරිත පාෂාණ වලින් සමන්විත වෙද්දී   ඉතා කුඩා භුමි භාගයක ජුරාසික යුගය පිළිබඳ සටහන් වූ ප්‍රාග් ජීව ධාතු සමුහයක් ඉතිරි වීමයි. මෙවර භූ සංචරිතයෙන් අප කතා කරන්නේ එලෙස ඉතිරි වූ අපූරු පාෂාණ සහිත භූ භාගය පිළිබඳවයි. තබ්බෝව ප්‍රසිද්ධ වන්නේ එම ප්‍රදේශයේ පැරැන්නන් නිර්මාණය කරන ලද වාරි කර්මාන්තයක් හේතුවෙනි. තබ්බෝව වැව කවුරුත් දන්නා එම නිර්මාණයයි. ප්‍රාග් ජීව ධාතුන් පිළිබඳව සැලකිල්ලක් දක්වන්නන් ගේ