Posts

Showing posts from October 3, 2020
භූ කම්පා....ඉතිරි කොටස....! This article is Originally published on Vidusara, 30/09/2020 පසුගිය සතියේ භූ කම්පා ලිපිය අවසාන කරන ලද්දේ භූ කම්පා නාභිය ද අපි කේන්ද්‍රයද ගැන සටහන් කරමින් බව ඔබ ලිපිය කියවූයේ නම් ඔබට මතකට නැගෙනු ඇත. අපිකේන්ද්‍රය යනු භුමිය මතුපිට සටහන් වන්නා වූ භූ කම්පාවේ නාභියේ ප්‍රක්ෂේපනයයි. භූ කම්පන විද්‍යාඥයින් හඳුනාගෙන ඇති පරිදි අපිකේන්ද්‍රය යනු වැඩිම හානියක් ඇතිවන්නාවූ ස්ථානයයි. නමුත් එය සැමවිටම නිවැරදි නොවන බව ද තහවුරු වී ඇත. භූ කම්පාව හට ගන්නා වූ විභේදයේ දිග වැඩිනම් එවැනි අවස්ථාවක විශාල ප්‍රදේශයක් පුරා භූ කම්පාවෙන් හට ගන්නා හානිය පැතිරී යා හැක. රික්ටාර් පරිමාණයේ අගය 7.9 ක පමණ වූ ඇලස්කාවේ දිනාලි භූ කම්පාව හොඳම උදාහරණයයි. මහද්වීප කලාප වල ඇතිවන්නා වූ භූ කම්පා වල නාභිය පොළොව මතුපිට සිට කිලෝමීටර 2 සිට කිලෝමීටර 20 ක පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව වාර්තා වී ඇත. ඒ අනුව භූ මතුපිටට ඉතා ආසන්නයේ වුව භූ කම්පාවක් හට ගැනීමේ හැකියාවක් ඇති බව පෙනී යයි. නමුත් භූ තැටි ගිල ගන්නා අභිසාරි තල මායිම් අසල මෙවැනි භූ කම්පා කිලෝමමීටර 600 ක් පමණ ගැඹුරේ වුව හට ගත හැකි බව ද වාර්තා වී ඇත. භූ කම්ප