Saturday, 18 July 2020



ශ්‍රී ලංකාවේ අන්තර් ජාතික තඹ  යකඩ වෙළඳාම …!!!

භූ සංචාරිතය 18
This article is originally published on Vidusara 15th July, 2020.


පසුගිය කාලය නැගෙනහිර පළාත දමිළ ත්‍රස්තවාදය නිසා දකුණේ අපිට තහනම් කලාපයක් වෙලා තිබුනා ඔබට මතක ඇති. සිදුකරන ලද මානුෂීය මෙහෙයුම් හේතුවෙන් මෙම ප්‍රදේශය මුදා ගැනීමට හැකිවිම අපට බොහොම නිදහසේ පර්යේෂණ කරගෙන යාමට මහත් පිටිවහලක්  වූ බව නොකියාම බැරිය. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ මා මිතුරු ආචාර්ය අර්ජුන සහ ඔහුගේ ගෝලයන් කිහිපදෙනෙකු සමග මෙම පළාතේ පර්යේෂණයක් සඳහා යාමට මාහට අවස්තාව හිමි වූයේ කුරිරු ත්‍රස්තවාදය නිමි වී  වසර දෙකකට පමණ පසුවයි. එය අදත් මා මහත් භාගයක් කොට සලකන අතර මා මිතුරු අර්ජුන හට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙන්නේ කිසිදු පැකිලීමකින් තොරව මාගේ සහභාගීත්වය මෙම පර්යේෂණය සඳහා අත්‍යවශය කොට සලකා මා හට අවස්ථාව  ලබා දුන් නිසාවෙනි. අපගේ ගමනාන්තය වූයේ මහත් ප්‍රසිද්ධ සේරුවිල ප්‍රදේශය යි.


සේරු නම් වූ පක්ෂි විශේෂය ගහන විලක් ඇති හෙයින් මෙම ප්‍රදේශය සේරුවිල වූ බවත් නගරය සේරු නුවර වූ බවත් පැවසෙන්නේ ප්‍රදේශවාසීන්  අතර පැතිරී ඇති මති මතාන්තරවලට අනුවය. ඔබ සේරුවිල වටා ප්‍රදේශයේ සංචාරය කර ඇත්නම් භූ රූපණය ගැන අවබෝධයෙන් පසු වුයේ නම්  ඒ ඒ ගම්වල ඇති විශාල ගොඩැලි පිළිබඳව ඔබට එකවරම අවධානය යොමුවනවා නිසැකය. එපමණක් නොව එම ගොඩලි නිර්මාණය වී ඇත්තේ මොනවයින්දැයි නිසැකවම ඔබගේ කුතුහලය අවිස්සෙනවා වැළක්විය නොහැකිය. උදැල්ලක් ගෙන පොළොව  හාරන්නට හිතෙන්නේ මෙන්න මේ වාගේ වෙලාවටය. නමුත් එලෙස අවැසි  නොවන බව විමර්ශනාත්මකව ඔබ පොලොව  මතුපිට නිරීක්ෂණය කලේ නම් ඔබට පසක් වනවා ඇත. යකඩ නිස්සරණයේ අතුරු ප්‍රතිඵලය වන්නේ යබොරයි. යබොර යනු යකඩ නොමැති සිලිකා මිශ්‍රිත පාංශු කොටස් ද්‍රව බවට පත් වී නැවත ඝන වූ ද්‍රව්‍ය වේ. මෙම ද්‍රව්‍ය හඳුනාගැනීම ඉතා පහසුය. යබොර යනු වායු බුබුළු හිර වී සෑදුන විවර බොහෝ ඇති යකඩ නොමැති නිසා ඉතා සැහැල්ලු අංගාර  පැහැ ගත් ඝන ද්‍රව්‍යයකි.  දෙකට කඩා බැලු  විට විදුරු මෙන් දිස්වෙන යබොර අහස දෙසට යොමු කර ආලෝකය බැලීමේදී පවා අපට දැක අගත හැකි වන්නේ ඇතුලත කළු පැහැ බවයි.  තරමක් තද ගතියක් දක්වන මෙම යබොර ශ්‍රී ලංකවේ හමු නොවන පළාතක් ගමක් නොමැතියි. 


සේරුවිල ප්‍රදේශය දක්නට ලැබෙන උස ගොඩැලි සමන්විත වන්නේ මෙලෙස ඉවත දැමු යබොර වලින් වන අතර මේ යබොර ගොඩැලි  අතර තවත් සුවිශේෂී යබොර විශේෂයක් හමුවිය.  එම ද්‍රව්‍යයන් පිටතින් බලු විට ඉතා තද කළු පැහැයකින් යුක්ත වූ අතර මුලින්ම අපට එහි විශේෂත්වයක් නොවූ බව පැහැදිළිය. නමුත් කැබලි කඩා ආලෝකයට අල්ලා බැලීමේදී අප විශ්මයට පත් වූයේ  ඒ තුලින් දිස් වූයේ කළු පහයක් නොව තද නීල වර්නයකි.


නීල  වර්ණය මේ "බොරයට' ලබා දුන්නේ කෙසේද යන්න රසායන විද්යාව හැදෑරුවෙකුට  නම් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකිය. පරිසරයේ හමුවන විවිධ ලෝහ කැටායන පිළිස්සීමේදී විවිධ වර්ණයන් ලබා දෙන බව දැල්ලේ පරික්ෂාව කල ඇත්තෙකුට නම් අමතක නොවනු ඇත. එම ලෝහ අතුරින් තඹ ලෝහය නිල පැහැය ලබා දෙන බව එකවරම සිහියට නැගෙනු ඇත. එසේ නම් මෙම බොරයන්ට නීල  පැහැය ;ලබා දෙන්නේ තඹ නිසා බව අපට නිගමනය කල හැක. මෙම ද්රව්යයන් අපට ලැබෙන්නේ එසේ නම් තඹ නිස්සරණයේදී විය යුතුය.


තඹ ලෝහය නිස්සරණයේදී ලබා දෙන මෙම අතුරුඵලය " තඹ + බොරය", තම්බොර නැතහොත් "තඹොර" ;එස අපට හැඳින්විය හැක (යකඩ + බොරය -යබොර නම්).  මේ අපුරු අතුරුඵලය නිසා ලෝකයේ වීදුරු පබලු නිර්මාණයට හේතුවන්නට ඇති බව මාගේ පෞද්ගලික මතයයි. විවිධ ලෝහ වර්ග භාවිත කර ඉන්පසු ඔවුන් විවිධ වර්නැති පබළු නිර්ම්නයට පෙළඹෙන්නට  ඇත.

දැනටමත් අප හොඳින්ම දන්නා කරුණ නම් සේරුවිල ප්‍රදේශයේ කදිම තඹ නිධියක් හමුවන බවයි. එසේනම් අපගේ පුරාණ  ඇත්තන් මෙම තඹ නිධියේ තඹ නිස්සරණය කරන්නට ඇත. සේරුවිල ප්‍රදේශයේ මෙම තඹ නිධිය අපගේ පරික්ෂාවට භාජනය වූයේ තඹොර හමුවීමෙන් ඉන්පසුවයි. මේ කාරියේදී පුරාවිද්‍යා පස්චාත් උපාධි ආයතනයේ පර්යේෂණ නිලධරයෙකු වන ඉන්දික මහතාගේ මෙම ප්‍රදේශය පිලිබඳ වූ දැනුම සහ අපුරු සොයාගැනීම් මනා පිටිවහලක් වූ බව මෙහි ලා සඳහන් කල යුතුය. එම සොයා ගැනීම් තහවුරු කරන්නට භූ විද්‍යා දැනුම මාගෙන් හිමි විය. මීටර පහක් පමණ පළලැති ප්පොලොවේ කණින ලද විශාල ඇලි අපට හමු වූ අතර ඒවා නිසැකවම තඹ පමණක් නොව යකඩ ද නිස්සාරණය සඳහා අවැසි අමුද්‍රව්‍යය ලබා ගත් පතල් බව තහවුරු විය.  

අතීතයේ , වසර 2500ට පෙර සිටම මෙම ප්‍රදේශය කර්මාන්ත පුරයක්ව පවතින්නට ඇති බව මාගේ අදහසයි. යකඩ සහ තඹ ආශ්‍රිත කර්මාන්ත වලින් නිමවන ලද විවිධ භාණ්ඩ අපනයන සඳහා කදිම වෙළඳ පොළක් අන්තර්ජාතික වාරයක් පිහිටි ගෝකන්න (ත්‍රිකුණාමලය)  ප්‍රදේශයේ පවතින්නට ඇති බව මාගේ නිගමනයයි. එපමණක් නොව මේ ආශ්‍රිතව තව කොපමණ අතුරු කර්මාන්ත බිහිවන්නට ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා බොහෝ පර්යේෂණ කල හැකිය. ඒ අනුව අපගේ තාක්ෂණය කොපමණ දියුණුවකට පත්වන්නට ඇත්දැයි ඔබට සිතා ගත හැකිය. ඒ ඔස්සේ ශ්‍රී ලාංකික නව නිපැයුම් ලෝකයේ බොහෝ රට රටවලට රැගෙන යන්නට ඇත.  එමෙන්ම ලෝකයේ විවිධ නිෂ්පාදන මෙරටට පැමිණෙන්නට ඇත. මෙමගින් පෙනී යන කරුණ නම් මහතිත්තට වඩා දියුණු සහ ප්‍රධාන වෙළඳ පොළක්  වන්නට ඇත්තේ ගොකන්නයි, සේරුනුවරයි. නමුත් අදවනවිට වරායද මෙරට බහුල මෙම අමුද්‍රව්‍යද නිසි පරිදි රටේ දියුණුව සඳහා යොදාගන්නේ නැති බව අප හැමෝම දන්නා කරුණකි. යකඩ ද තඹ ද බොහොමයක් වීදුරු නිෂ්පාදන ද මෙරට භාවිතා කරන්නේ පිටරටියන්ගේ නිෂ්පාදන ලෙසයි. එවන් වූ උසස් තාක්ෂණයක් හිමිව සිටි අප අපගැනම දුක් විය යුතු නොවේද යන්න ඔබට වැටහෙනවා ඇතැයි මම සිතමි. 


ආචාර්ය පත්මකුමාර ජයසිංහ

පත්මෙගේ භූ විද්‍යා අන්දර   07 කිරින්ද  එතිහාසික වශයෙන් පමණක් නොව භූ විද්‍යාත්මකවත් වැදගත් වන ස්ථානයකි. කිරින්ද විහාරය ස්ථානාපනය වී ඇත්තේ ග...