Posts

Showing posts from March 23, 2020
සිසි භූ විද්‍යාව (selenology ) - තාරකා භූ විද්‍යාවට ප්‍රවේශයක් සිසි භූ විද්‍යාව ( selenology ) කේන්ද්‍ර වන්නේ චන්ද්‍රයාගේ භූ විද්‍යාත්මක පසුබිම වෙතයි. එය පෘතුවියේ භූ විද්‍යත්මක පසුබිමෙන් වෙනස් වන අතර එයට හේතුවන කාරණා කිහිපයහි. වායුගෝලයක් නොමැති වීම. එනිසාම පාෂාණ ජීර්ණය සහ ඛාදනය නොමැති වීම. කබොලක්, ප්‍රාවරනයක් සහ හරයක් ඇත්තේ වූවද තල භූ ක්‍රියාකාරකම් සනිටුහන් වන්නේ නැත. චන්ද්‍ර මතුපිට ඇති සංකීර්ණ භූ විෂමතා ලක්ෂණ ඇතිවන්නේ දිගින් දිගටම සිදුවූ ගිනි කඳු පිපිරීම් සහ උල්කාපාත පතනයෙන් සිදුවූ බලපෑම හේතුවෙනි. චන්ද්‍ර පාෂාණ සහ පාංශුදේහයන් පිළිබඳව නියම තොරතුරු වාර්තා වන්නේ චන්ද්‍රයාගෙන් ගෙන එන ලද පාෂාණ සහ පාංශු නියැදි වලිනි. 1969 සිට 1972 දක්වා ක්‍රියාත්මක වූ ඇපලෝ ව්‍යාපෘතිය නිසා චන්ද්‍රයාහේ ස්ථාන හයක් නියැදි කරණයට ලක්වන අතර කිලෝ ග්රෑම් 381 පෘතුවියට ගෙන එන ලදී. 1970 සිට 1976 දක්වා සිදුකල සෝවියට් චන්ද්‍ර ගවේෂණ වලින් තවත් කිලෝ ග්රෑම් 326 ක් පමණ පෘතුවියට ගෙන එන ලදී. නාසා ආයතනය මෙම නියැදි අධ්‍යනය කර පලකල ඇති පර්යේෂණ පත්‍රිකා වලට අනුව චන්ද්‍රයාගේ නිම්න නැතහොත් ආවාට කලාප ගොඩ නැගී ඇත්