Posts

Showing posts from March 2, 2017
විදුපත් ඉරුව 20 17 මාර්තු 01 බදාදා ඇස්‌ ඇත්තෝ ලෝකය දකිති. නුවණැස ඇත්තෝ ලෝකය විනිවිද දකිතැයි පැවසෙයි. මේ කිසිවක්‌ නැත්තන් කෙසේ නම් ලෝකය දකින්න ද? මිනිසා ඇතුළු වානරයෝ කදිමට වර්ණවත් ලෝකය දකිති. එහෙත් ඉතිරි ක්‌ෂීරපායිහු ද, පක්‌ෂීහු ද, උරගයෝ ද, උභයජීවීහු ද, මත්ස්‍යයෝ ද ඒක වර්ණයෙන් හෝ ද්වි වර්ණයෙන් ලෝකය හඳුනාගනිති. කෘමීන් වැනි අපෘෂ්ඨවංශිකයන් හට කදිම වූ අක්‌ෂි පද්ධතියක්‌ ම පිහිටා ඇත. මේ ඇස්‌ තනි තනි ව හෝ සියල්ල එක්‌ ව හෝ ඔවුනට පෙනීම ලබා දෙයි. අක්‌ෂි පිහිටීම මගින් අපට පරිසරයේ ස්‌වරූපය පහදා දෙයි. අප ගේ අක්‌ෂි පරිසරයේ වර්ණවත් හැඩ තලවල සුසංයෝජනය මැනැවින් පෙන්නුම් කරයි. එහෙත් අක්‌ෂි රහිත ඇත්තන් මෙවැනි දෑ තේරුම්ගන්නේ කෙසේ ද? ඇස්‌ අවශ්‍ය ම බව සිතා සිටින්නේ ඇස්‌ ඇත්තන් පමණකි. තමන් ඉන්නා පරිසරය හඳුනාගැනීමට හෝ තේරුම්ගැනීමට හෝ ඇස්‌ සැම විට ම අවශ්‍ය වන්නේ නැත. ඇස්‌ ඇත්තන්ට දකින්නට ආලෝකය අවශ්‍ය ම වේ. එනිසා දහවල දී දක්‌නා දේ රාත්‍රියේ නිසි පරිදි සැවොම දකින්නේ නැත. මේ අතර සමහර සත්තු රාත්‍රිය විනිවිද දකින්නට හැකියාවක්‌ ඇත්තෝ වෙති. අප ගේ ජීවිතයේ ආයු කාලයෙන් අඩු ම තරමින් අඩක්‌ වත් සිටින