Posts

Showing posts from March 11, 2017
විදු පත් ඉරුව 20 15  ජුනි 10 බදාදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ ගවේෂණ සංගමය මා හට බොහෝ අපූරු සහ අනර්ඝ අත්දැකීම් ගෙන දුන් තැනකි. "ඇවිද්ද පය දහස්‌ වටී" යන කියමනට සැබෑ අරුතක්‌ එක්‌ කරන මේ ගවේෂණ සංගමය ගවේෂණයට ලැදියවුනට මහාර්ඝ සම්පතකි. දශක හතරකට (1971) පමණ පෙර ස්‌වාභාවික විද්‍යාවන් හැදෑරූ සිසුන් කිහිප දෙනකු විසින් ඉතා සුළුවෙන් ආරම්භ කරන ලද මේ සංගමය මා ඉගෙන ගන්නා කාලය වන විට විශාල පිරිසක්‌ සමග බොහෝ සක්‍රිය ව ක්‍රියාත්මක විය. දැනට පේරාදෙණිය විශ්වවිද්‍යාලයයේ භූ විද්‍යා දෙපාර්තුමේන්තුවේ සේවය කරන මහාචාර්ය නවරත්න ඇදුරුතුමා ද මෙහි එක්‌ ආරම්භක සාමාජිකයෙකි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට ඉන්නා ගවේෂණශීලී සිසු දරුවනට තම අත්දැකීම් වැඩි දියුණු කරගැනීමටත් තම විෂය ක්‌ෂේත්‍රයට අදාළ දැනුම දියුණු කරගැනීමටත් මේ සංගමය කදිම තෝතැන්නකි. මේ ගවේෂණ සංගමයේ එකල ප්‍රධාන ක්‍රියාකාරකම වූයේ කඳු ඇසුරු කරගත් ගවේෂණයි. හන්තාන, ලුල්කඳුර, මොණරකන්ද, දොළොස්‌බාගේ, හුන්නස්‌ගිරිය, අලගල්ල, පිදුරුතලාගල යනාදී මහනුවර වටා වූ කඳු ශිඛරයන් හා ඒ ආශ්‍රිත පරිසර පද්ධතීන් පිළිබඳව