Posts

Showing posts from September 18, 2019
විදු පත්ඉරුව 29.06.2016 පසු ගිය දිනෙක මා ලද ලිපි අතරින් එක්‌ සුවිශේෂී ලියවිල්ලක්‌ ඔබ හමුවට ගෙන ආ යුතු යෑයි සිතුවෙමි. පහත ඇත්තේ ඒ ලිපියයි. කිසිදු වෙනසක්‌ නො කළ බව කිව යුතු ය. "වාසනවාට හෝ අවාසනාවට මිනිසා මිහි මත බිහි වී ඇත. වසර මිලියන 2කට මත්තෙන් වානර මගින් ඉවත් වී වෙන ම මාර්ගයක ගමන් කළ මානවයා ශීඝ්‍රයෙන් මෙතෙක්‌ ලද වෙනස නම් ඉතා අධික ය. වෙන කවර සත්ත්වයකුට ද වඩා ස්‌වාභාවික පරිසරයෙන් වියුක්‌ත ව ඉතා කදිම නිර්මිත පරිසරයක අයිතිය හිමි කරගන්නට සමත් වී ඇත. එපමණක්‌ නො වේ. ඒ වෙනුවෙන් ස්‌වාභාවික පරිසරය අමු අමුවේ ම වෙනස්‌ කරන්නට පෙලඹී ඇත. ඒ තම ආත්මාර්ථකාමීකම වඩාත් හොඳින් ලොවට පෙන්වමිනි. ලොව වෙසෙනා සියලු ම සත්ත්වයන් හට පාරිසරික සිමා මායිම් ඇත්තේ මුත් මිනිසාට එසේ නැත. කණගාටුවට කරුණ නම් තමනට අයිති නො වූ වෙනත් සත්ත්වයන් ගේ රාජධානි ද බියක්‌ සැකක්‌ නොමැති ව ආක්‍රමණය කර අත්පත් කරගැනීමයි. ආක්‍රමණයට ලක්‌ වූවන් මේ වන විට වඳ වී ගොසිනි. නැත හොත් වඳවෙමින් පවතින බැවින් රතු දත්ත පොතට ඇතුළත් කරන්නට තරම් මිනිසා අකාරුණික වී ඇත. නැත හොත් වඳ වී යන බැවින් අනාගතයේ තම දරු පරපුරට දැකගන්නට