Posts

Showing posts from June 28, 2018
විදුපත් ඉරුව 2015.10.07 ඔ බ මාරි කියුරි ගැන අසා ඇතිවාට සැකයක්‌ නැහැ. බටහිර විද්‍යා ක්‌ෂේත්‍රය තුළ ඈ ඉතා වැදගත් චරිතයක්‌ වන්නේ "විකිරණශීලිතාව" ලොවට හඳුන්වා දීමත් විකිරණශීලිතාව පෙන්වන මූලද්‍රව්‍ය දෙකක්‌ ලොවට හඳුන්වා දීමත් පමණක්‌ නිසා නො වේ. එකිනෙකට වෙනස්‌ විද්‍යා ක්‌ෂේත්‍රයන් (භෞතික විද්‍යාව සහ රසායන විද්‍යාව) උදෙසා නොබෙල් ත්‍යාගය දෙවරක්‌ දිනාගත් ලොව ප්‍රථම සහ එක ම කාන්තාව පමණක්‌ නො ව එක ම පුද්ගලයා ද වන්නේ ඇයයි. ඉතා අපූර්වතම කරුණ වන්නේ ඇගෙන් ලද මේ ආදර්ශය නිසා එම පවුල නොබෙල් ත්‍යාග පහක්‌ ම දිනාගන්නට සමත් වී තිබීමයි. අනෙක්‌ විශේෂත්වය වන්නේ මහාචාර්ය මාරි කියුරි තම උපන් බිම වන පෝලන්තයට දැඩි ව ආදරය කිරීමයි. එනිසා ම ඈ විසින් සොයාගන්නා ලද එක්‌ මූලද්‍රව්‍යයක්‌ තම මවු බිමට ගරු කිරීමක්‌ ලෙස "පොලෝනියම්" යෑයි ඇය නම් කළා. ඈ සොයාගත් දෙවැනි මූලද්‍රව්‍යය වන්නේ රේඩියම්. ඉතා ම කැප වීමෙන් තම පර්යේෂණ මෙහයවූ ඇය මුල් අවධියේ දී දුෂ්කර ජීවිතයක්‌ ගත කළ බව සදහන්. කෙසේ වෙතත් පර්යේෂණ සදහා ප්‍රමුඛතාව ලබා දුන් මහාචාර්ය මාරි කියුරි බටහිර විද්‍යා ලෝකය තුළ