Posts

Showing posts from August 14, 2019
කඳුකරයේ නිවාස සහ නාය අනතුර .....!!! වැස්ස ආයෙත් පටන් අරන්. කඳුකරයටත් වහිනවා. ඒක තමයි ලොකුම ගැටළුව. මොකද නාය යාමේ අවදානම තියෙන නිසා. නාය යාමේ අවදානම තියෙන දිස්ත්‍රික්ක මේ වෙනකොට ප්‍රධාන වශයෙන් එකොළහක් නම් කරලා තියෙනවා. ඒ තමයි මොණරාගල, බදුල්ල, නුවරඑළිය, මහනුවර, මාතලේ, කෑගල්ල, රත්නපුර, කළුතර, ගාල්ල, මාතර සහ හම්බන්තොට. ඊට අමතරව කොළඹ, ගම්පහ සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කත් නාය අවදානම ඇතිවිය හැකි ප්‍රදේශ ලෙස සලකනවා. ඒකට හේතුව තමයි, මේ ප්‍රදේශවල ඉතා සීග්‍රයෙන් සිදුවන සංවර්ධන කටයුතු නිසා භුමියේ ස්ථාවරත්වය ට සිදුවිය හැකි බලපෑම. මේ නිසා කණ්ඩි කඩා වැටීම් සහ ගිලාබැසීම් වැනි තත්වයන් උද්ගතවන වෙන අතර මෙවැනි ආපදා ඉතාම බහුලව වාර්තා වෙනවා. එම තත්වය කඳුකර ප්‍රදේශ වලත් වැඩි වැඩියෙන් වාර්තා වෙනවා. වැඩිවෙන ජගහනයත් සමග නිවාස සහ අනෙකුත් යටිතල පහසුකම් වල අවශ්‍යතාවය වැඩිවෙලා. ඒ   නිසා ඉතා සිඝ්‍රයෙන් සංවර්ධන කටයුතු සිදුවෙනවා. නමුත් මේ තත්වය පාලනය නොකළොත් වැඩිකාලයක් යන්නට මත්තෙන් විශාල ගැටළු ගණනාවකට මුහුණ දෙන්නට සිදුවෙයි. ඒ අතර නාය යාමේ අවදානම ප්‍රමුඛව තියෙනවා. පාංශු ඛාදනය සහ ගංවතුරත් මේ අතර තියෙනවා.
විදුපත්ඉරුව 01.02.2017 "ලංකාවේ වැඩි ම වායු දූෂණය වාර්තා වෙන්නේ මහනුවරින් කියලා කියනවා. ඒකට ප්‍රධාන හේතුවක්‌ වෙලා තියෙනවා කියලා කියන්නේ මාළිගාව ළඟ පාර වහපු එක ලු. වැව වටේ හිමිහිට වාහන යනකොට කොහොමත් වායු දූෂණය වැඩියි තමයි" මගේ මිත්‍රයෙක්‌ මේ ලඟ දි දවසක පැවසුවේ බොහොම කණගාටුවෙන්. "මේ නුවර ටවුම යටින් උමං මාර්ගයක්‌ හදන්න යෝජනා කරලා තියෙනව ලු. ඇයි දන්නෙ නැහැ තවමත් ප්‍රමාද. ඒක හැදුවා නං මාළිගාවත් බේරාගෙන මහනුවර වායු දූෂණයත් අඩු කරගන්න තිබුණා. අපේ මිනිස්‌සු හොඳ තීන්දු තීරණ ගන්න හරි ම පරක්‌කුයි." ඒ කතාවෙන් ඔහු මගෙන් පිළිතුරක්‌ බලා පොරොත්තු නො වන වගක්‌ හැඟී ගිය නිසයි මා නිහඬ වූයේ. වායු දූෂණය සිදු වන්නේ වාහනවලින් විතරක්‌ නො වෙයි. කර්මාන්තශාලාවලින් පිට වන දූෂ්‍ය වායූන් ද වායු දූෂණයට ප්‍රධාන හේතුවක්‌. එතකොට නොරොච්චෝලෙන් කරන්නෙත් තදබල දූෂණයක්‌. කෙසේ වෙතත් වායූ දූෂණය සිදු කරමින් අප මේ නැති කරන්නේ මිනිසාට නිදහසේ පිරිසිදු වාතය හුස්‌ම ගැනීමේ පරම අයිතිය නො වේ දැයි ඔබ කී දෙනකු නම් කල්පනා කර ඇත්ද? එපමණක්‌ නො ව, අප මේ උල්ලංඝනය කරන්නේ ඔක්‌සිජන් තම ස්‌වසන