Posts

Showing posts from February 13, 2020
සොබා සම්පත් සුරැකිය යුතුයි.....!!! පත්මෙගේ භූ සංචාරිතය 06 This article is originally publsihed  on Vidusara 12.02.2020. භූ විද්‍යාව කෙරෙහි වූ මාගේ කැමැත්ත තවත් වැඩිදියුණු කරන්නට හේතු කාරණයක් වන්නේ නිතරම සිදු වූ ක්ෂේත්‍ර චාරිකා. හිටිගමන් සංවිධානය වූ ක්ෂේත්‍ර චාරිකා නිතරම අප සියලු දෙනාම කුල්මත් කරන්නට හේතුවිය. එනිසා බොහෝ නොදුටු , නොගිය ස්ථාන දැක බලා ගැනීමේ වාසනාව අපට උදා විය.   භූ විද්‍යා විශේෂ උපාධිය සඳහා අප තේරුණ පසු උපාධිය ලබන තෙක්ම සෑම වසරකම නේවාසික ක්ෂේත්‍ර කඳවුරු වලට සහභාගී වීමට අපට හැකිවිය. ඒ කඳවුරු තුලින් අප ලද විෂයානු බද්ධ දැනුම ලඝු කොට සලකන්න නොහැකිය. ඒ විතරක් නොවෙයි ඒ තුලින් ලද සමාජීය දැනුමත් අපමණයි.  ඒ දෙවෙනි වසරේ සිටි අප ඛණිජ සහ පාෂාණ විද්‍යාව හදාරමින් සිටි අවධියයි. මහවැලි ව්‍යාපාරය මූලික කොට රජමාවත ඉදිකිරීමත් සමගම භූ විද්‍යාවට අවැසි අපූරු ක්ෂේත්‍ර බොහෝ ප්‍රමාණයක් එහි ඇති වී තිබුණි. මාර්ග සංවර්ධනයත් සමග ඇති වූ කණ්ඩි වලින් මතු වූ විවිධ භූ විද්‍යත්මක පැතිකඩවල් කදිම භූ විද්‍යාත්මක සංසිද්ධි සදහා අපූරු උදාහරණ සැපයු බව කිව යුතුය. එනිසා බොහෝ කාලයක් යනතුරුම,