Posts

Showing posts from July 20, 2018
විදුපත් ඉරුව 09.12.2015 2013 වර්ෂය දේශගුණික විපර්යාසය ගැන කතා කරන විට ඉතා වැදගත් සන්ධිස්‌ථානයක්‌ බවට පත් වූයේ ප්‍රථම වරට වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 400යේ සීමාව පසු කළ බැවිනි. එයින් පසුකාලීනව උච්චාවචනය වූ කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මේ වන විට මේ සීමාව කිහිප වතාවක්‌ ම පසු කර ඇති බව "කීලින්" චක්‍රය විමසීමේ දී ඔබට හොඳින් පැහැදිලි වෙනවා නිසැක ය. 1750 වසර සැලකෙන්නේ කාර්මික විප්ලවය ඇරඹුණු වසර ලෙස ය. එකල වායුගෝලීය කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය මිලියනයකට කොටස්‌ 280ක්‌ ව පැවැති අතර වසර 2015 වන විට 40%කින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි කිරීමට "කෑදර" මානව ක්‍රියාකාරකම් හේතු වී ඇත. ඒ අතුරින් කාබන්ඩයොක්‌සයිඩ් සාන්ද්‍රණය වැඩි වීම කෙරෙහි කාබනික ඉන්ධන දහනය ඉතා ප්‍රබලව බලපාන බව අමුතුවෙන් ඔබට පහදා දිය යුතු නො වේ. එම ක්‍රියාවලිය අඩු කළ හැකි සැම ක්‍රියාදාමයක්‌ ම කරළියට ගෙන ඒම පාරිසරික සංරක්‌ෂණයේ මූලික බලාපොරොත්තුවක්‌ විය යුතු බව මෙහි ලා සදහන් කළ යුතු ය. සූර්ය ශක්‌තිය, සුළං බලය සහ ජල විදුලිය හරිත ශක්‌තියේ ප්‍රමුඛතාව ගත්ත ද ශ්‍