Posts

Showing posts from August 11, 2017
විදුපත්ඉරුව යම් දිනෙක මෙලොව සියලු සංස්‌කෘතීන් විද්‍යාව වැළඳගත හොත් ඇති වන තත්ත්වය කෙබඳු වේ දැයි සිතිය හැකි ද? එය ඔය කියනා ලෙස එක ම ආකාරයක්‌ වේ ද, නැත හොත් ප්‍රාදේශීයව වෙනස්‌ වේ ද යන්න ඔබට ගැටලුවක්‌ වනු ඇත. කෙසේ වෙතත් ඒ පිළිබඳව ඔබට සිතන්නට ඉඩ සලසමින් ඔබ අප ගේ අවධානය යොමු විය යුතු කරුණක්‌ මෙවර විදුපත් ඉරුවේ සඳහන් කළ යුතු යෑයි සිතේ. නීති සහ රීති යම් සංස්‌කෘතියක යම් රටක පාලනයට අවැසි ය. යම් රටක නීතිය පිළිපැදීම ද, යම් සංස්‌කෘතියක රීතියට ගරු කිරීම ද කළ යුතු ය. වසර සිය දහස්‌ ගණනක තිස්‌සේ ඔවුනොවුනට අනන්‍ය වූ රීතීන් ඒ ඒ සංස්‌කෘතීන් තුළ පැවතිණි. ලිත නීතිය නො වූ කල රීතිය නීතිය වන්නට ඇති බව සිතිය හැකි ය. ඒ කෙසේ වෙතත් ලෝකය තනි යායක්‌ කරන්නට තැත් කරන ඉසව්වේ එක්‌ එක්‌ රටවල අඩු හෝ වැඩි වශයෙන් එකිනෙක වෙනස්‌ වෙමින් වුව ලිත නීති පද්ධතියක්‌ ගෙන එන්නේ කිසියම් ආකාරයකට එක ම පාලන තන්ත්‍රයක්‌ ස්‌ථාපනය කරන්නට ය. එය එක්‌ එක්‌ බටහිර ජාතීන් ලොව පාලනය කරන කාලයේ ස්‌ථාපනය කරන්නට කළ තැත මෙනි. කුමන නීතිය ගෙන ආව ද, සංස්‌කෘතියක තිබෙන රීති ඉවත දැමිය නොහැකි ය. මන්ද යත් කල්ප කාලාන්තරයක්‌ භාවිතයෙන් ම මේ රීති