Posts

Showing posts from May 8, 2017
විදු පත් ඉරුව 20 15  මාර්තු 18  බදාදා මේ දිනවල පාසල්වල ක්‍රීඩා තරග ලහි ලහියේ පැවැත්වෙන අතර ඒ බොහොමයක්‌ තරග මේ පාසල් වාරයේ අවසන් කිරීමට සියල්ලන් ම බලාපොරොත්තු වෙනවා. මේ පිළිබඳව වැදගත් වන කරුණු කිහිපයක්‌ සදහන් කිරීම වටින බව සිතූ නිසයි මෙවර විදු පත් ඉරුව ක්‍රීඩා ක්‍ෂේත්‍රය කෙරෙහි වෙන් කිරීමට සිතුවේ. පසුගිය වසර කිහිපයේ ම පාසල් ක්‍රීඩා තරගවලට සහභාගී වූ දරුවන් කිහිප දෙනෙක්‌ ම හදිසියේ ම ක්‍රීඩාවල යෙදී සිටින විට මිය ගියා. ඒ සඳහා විවිධ හේතූන් කියවුණා. සමහරුන් ගේ ස්‌වාභාවිකව ම තිබූ ආබාධත් හේතුවක්‌. ඒ කෙසේ වෙතත් මෙමගින් අපට යම් පාඩමක්‌ උගන්වනවා. ඒ තමයි අඩු ම තරමින් මාපියන් තම තම දරුවන් ක්‍රීඩා පුහුණු කිරීම්වල යෙදීමට පෙර පෞද්ගලිකව හෝ වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව. එමගින් කෙතරම් දුරට තම දරුවා ක්‍රීඩා තරගවල යෙදීම සදහා යෝග්‍ය ව සිටින්නේ ද යන්න හඳුනාගත හැකියි. නගරබද පාසල්වලට නම් මෙය එතරම් ගැටලුවක්‌ නො වන්න පුළුවන්. සමහර විට වෛද්‍යවරයෙක්‌ව පාසලට ම ගෙනෙල්ලා උපදෙස්‌ ගන්නත් හැකි වෙනවා. අනිත් කරුණ තමයි නගරබද බොහෝ විට පෞද්ගලික හෝ රජයේ ආරෝග්‍ය ශාලා ඇති නිසා එවැනි තැනකට ගිහින් වු