Posts

Showing posts from July 10, 2019
විදුපත්ඉරුව 31.08.2016 දහ නව වැනි ශතවර්ෂය අවසාන වන විට ඇමෙරිකා එක්‌සත් ජනපදය වෙනස්‌ ම අයුරකින් විදුලි බල ක්‌ෂේත්රනය දෙසට නෙත් යොමන්නට විය. ඒ වෙන කිසිවකු නිසා නො ව, නව මානයකට එම ක්‌ෂේත්‍රය ගෙන ගිය නිකොලා ටෙස්‌ලා නිසා ම ය. ඔබ මේ පුද්ගලයා පිළිබඳව දන්නවා ඇතැයි සිතමි. ලෝකයේ කොහේ හෝ තැනක නවෝත්පාදන ගැන කතා කරන්නේ නම් ටෙස්‌ලා ගැන ද අනිවාර්යයෙන් ම කතා කෙරෙනු ඇත. ඔහු ඒ තරමට ම කැපී පෙනෙන ලෙස අපූර්ව නව නිපැයුම් මෙලොවට එළි දැක්‌වූවකු බැවිනි. සිදු කළ නව නිපැයුම් සදහා පේටන්ට්‌ බලපත්‍ර 300කට අධික ප්‍රමාණයක්‌ හිමි කරගත් ටෙස්‌ලා ජනප්‍රිය වන්නේ අගනා විදුලි නිපැයුම් සදහා ය. නව ප්‍රත්‍යාවර්ත විදුලි පරිවර්තක යන්ත්‍රයක්‌ නිපදවීමෙහි ලා ටෙස්‌ලා සිදු කළ මෙහෙය අතිමහත් වන අතර ඔහු ගේ නාමය වඩාත් කතා බහට ලක්‌ වන්නේ ද, ප්‍රසිද්ධියක්‌ උසුලන්නේ ද එනිසා ම ය. ඔහු විදුලි ඉංජිනේරුවරයකු ලෙස පමණක්‌ නො ව කාර්මික ඉංජිනේරුවරයකු, භෞතික විද්‍යාඥයෙකු සහ අනාගතය දකින්නකු ලෙස ද දැක්‌වූ දක්‌ෂතාව ඔහු ගේ ජීවිත කාලය තුළ සිදු කළ නව නිපැයුම් මගින් ලොවට මොනවට පෙන්වා ඇත. එනිසා ම "ලොවෙන් එකෙක්‌ එක දෙයකට