Posts

Showing posts from July 23, 2019
නූ තන සන්නිවේදනය 23.07.2019 සන්නිවේදනය ගැන කතා කරන කොට අමතක කරන්න බැහැ අහසට දුම් ගගහ පණිවිඩ යවපු කාලයකුත් තිබුනු බව . දුනු,ඊතල පාවිච්චි කරපු යුගයකුත් තිබුනා. පරවියොත් ඒ අතරේ සැහෙන්න පණිවිඩ යවන්න උපකාරී වුනා. අද වෙනකොට පණිවිඩ යැවීම සන්නිවේදනය හරිම දියුණුයි. ඒ මොන මොනවද කියලා කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද අපි සියලු දෙනාම ඒවයේ ප්‍රයෝජන ගන්නවා නේ. හැබැයි කොච්චර හොඳට සන්නිවේදන ක්‍රමවේද, තාක්ෂණය දියුණු වුනත් අපි නිවැරදිව සන්නිවේදනය සිදු කරනවා ද යන්න ගැන පොඩ්ඩක් හොයලා බැලුවා නං හොඳයි කියලා හිතෙනවා.     සන්නිවේදනය අපට වැදගත් ඇයි? එහෙම අහපුවහම ඔබ කියයි එකිනෙකා අතර අදහස් හුවමාරු කර ගන්න තමයි වැදගත් කියලා. බොහොම සරලව හිතුවොත් ඒක ඇත්ත. නමුත් මම හිතන්නේ අපට තියෙන ගැටලුව තමයි ඇත්තටම අපි නිවැරදිව ඒ දේ කරනවද කියන එක. නිවැරදි සන්නිවේදනයේ, ඉතා සරලව කිව්වොත්, ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා කියලා හිතන්න පුළුවන්. එකක් තමයි අදහස ප්‍රකාශ කිරීම, අනෙක තමයි එය අදාළ කෙනා ග්‍රහණය කර ගැනීම. කෙනෙකුට කියන්න පුළුවන් තේරුම් ගැනීම කියලත්. ඔවු, එහෙම හිතන්නත් පුළුවන්. හැබැයි බොහෝ දෙනෙක් මේ ප්‍රකාශ කරන අද