Posts

Showing posts from May 2, 2017
විදු පත් ඉරුව 20 15  අප්‍රියෙල් 22 බදාදා උත්තර දේවි දුම්රිය එක හුස්‌මට යාපනය බලා දුවනවා. අපේ ගමනාන්තය කිලිනොච්චිය. වව්නියාවට ළං වෙන්න බොහොම කිට්‌ටුයි. දොර කවුළුවෙන් පරිසරය රසවිඳිමින් සිටි මගේ අවධානය එක පාරට ම යොමු වුණේ දුම්රිය මාර්ගය දෙපස එක යායට වැවිලා තිබුණු කුඩා පඳුරු සමූහයක්‌ වෙතට. අඩියක්‌ එක හමාරක්‌ විතර උස ඒ මත්තේ පිපිලා තිබුණේ කුඩා සුදු පෙති මලක්‌. බොහොම පුරුදු පෙනුමක්‌. "පාතිනියම්" පැළ. පාතිනියම් වව්නියාවට කිට්‌ටු වෙන්න දුම්රිය මාර්ගය දෙපස බොහොම සරුවට වැවිලා. ඒ කියන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම්වල, ගෙවතුවලත් වැවිල ඇති කියල මට එක්‌වර ම හිතුණා. "පාතිනියම්" කියන්නේ ආක්‍රමණික ශාකයක්‌. ආක්‍රමණික ශාක කියන්නේ මොනව ද? බොහොම සරලව මේවා පිටරටවලින් මෙරටට ආපු ශාක කියලා හදුන්වන්න පුළුවන්. එයින් ඇත්තට ම ගම්‍ය වන්නේ අපේ රටේ ස්‌වාභාවිකව පරිසරයේ හමු නො වන ආගන්තුකයෙක්‌ කියන එකයි. මේ ශාකවලට ආගන්තුක ශාක කියලා කියන්නත් පුළුවන්. මේ ආක්‍රමණික ශාක අපේ දේශීය පරිසරයට ආගන්තුක වුණාට බොහොම ඉක්‌මනට පැතිරෙන්න හැකියාව තියෙනවා. එහෙම ඉක්‌මනට පැතිරිලා දේශීය ශාකවල වර්ධනයට තර්ජනය