Posts

Showing posts from May 11, 2017
විදු පත් ඉරුව 20 15  මාර්තු 11  බදාදා ඔන්න නැවතත් ගම්පහ ප්‍රදේශය උණුසුම් වෙලා. කුණු වතුර ප්‍රශ්නයක්‌ හින්ද මිට කලිනුත් විශාල ගැටලුවක්‌ ඒ පැත්තේ පැනනැගුණා නේ. මේ ගමන ගැටලුව ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ප්‍රශ්නයක්‌. කුණු අද මුළු ලංකාවට ම ප්‍රශ්නයක්‌ වෙලා තියෙන්නේ. කොයිතරම් උත්සාහ කළත් විසඳගන්න අමාරුයි වගේ. හැබැයි බොහොම ගැඹුරෙන් කල්පනා කළා ම පේන දේ තමයි එතරම් සරල ගැටලුවක්‌, බොහොම පහසුවෙන් විසදගන්න පුළුවන් දෙයක්‌ මෙච්චර සංකීර්ණ කරගන්නේ ඇයි කියන එක. ගෙදරක ගොඩගැහෙන කුණු ප්‍රධාන වශයෙන් කොටස්‌ දෙකයි නේ. දිරන සහ නො දිරන. අපට ප්‍රධාන වශෙයන් ගැටලුවක්‌ වෙන්නේ මේ දිරන කුණුවලින්. බොහොම සරලව කිව්වොත් මේ කොටසට අයිති වෙන්නේ එදිනෙදා අප කාලා බීලා ඉවත ලන දෑ. මේ ගොඩගැහෙන කුණු කාලයත් එක්‌ක කුණු වෙලා ගඳගහන්න පටන් ගන්නවා. ඔන්න එතකොට තමයි මිනිස්‌සුන්ට දැනෙන්න පටන් ගන්නේ. මේ විදියට කුණු වෙන දෑ විවිධ විෂබීජ වර්ධනය සදහා තෝතැන්නක්‌ වෙන්නත් පුළුවන්. කොහොම වුණත් මේ ගැටලුව විසඳීමේ දී පෞද්ගලිකව අපට විශාල සහායක්‌ ලබා දෙන්න පුළුවන්. ඒ අපි අපේ කුණු ඉවත ලෑමේ ක්‍රියාදාමයේ සිදු කරන වෙනස මගින්. බ