Posts

Showing posts from September 4, 2019
විදුපත්ඉරුව 30.09.2016 පශ්චාත් ආපදා කළමනාකරණය ගැන පහුගිය මැයි මාසේ සිට ඉතා පුළුල් ව සහ සංකීර්ණ ව බොහෝ අය කථා බහට ලක්‌ කළා. පසුගිය වාරවල මෙන්ම මෙවරත් නිසි ප්‍රතිපත්තියක්‌ සහ කාර්යක්‌ෂම වැඩපිළිවෙළක්‌ සකස්‌ වී නො තිබීම ඇත්තෙන් ම අප සැවොම කණගාටුවට පත් කරන කරුණක්‌. පසුගිය කාලය තුළ දී ම (පසුගිය දශක තුන ගනිමු) ස්‌වාභාවික සංසිද්ධීන් නිසා ආපදාවන් බොහොමයකට ශ්‍රී ලංකාව වරින් වර හසු වුණා කිව්වොත් නිවැරැදියි. ඒ අතර නාය යැම් ආපදා ප්‍රමුඛයි. එයට අමතරව ගංවතුර, සුළිසුළං පමණක්‌ නො වෙයි, නියඟය ද අප රට ඉතා දුෂ්කර තත්ත්වයකට අද දැම්මා කියන එකට ඔබ කවුරුත් එකඟ වේ වි. එක්‌ වරක්‌ පමණක්‌ සිදු වුණත් 2004 සිදු වූ සුනාමි ෙ€දවාචකය අප රටේ ආපදා කළමනාකරණය කෙරෙහි ගැඹුරෙන් සහ වගකීමෙන් යුතු ව බලන්නට සියලු පාර්ශ්වයන් පෙලඹවූ බව සත්‍යයක්‌. එහෙත් අප කවුරුත් හොඳින් දන්නා පරිදි මේ සියල්ල කිසියම් ස්‌ථානයක නතර වී ඇති බවත් නැවත නැවත පසුපසට සහ ඉදිරියට යමින් හෝ එක තැනක කැරකෙමින් සිටින බවත් තමයි මට නම් හැඟෙන්නේ. කෙසේ වෙතත් මෙවර ලැබුණු අධික වර්ෂාපතනය නිසා, විශේෂයෙන් ම කෑගල්ල සහ රත්නපුර දිස්‌ත්‍රික්‌කවලට